ගනේමුල්ලේ සංජීව ඝාතනය : පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

ගනේමුල්ලේ සංජීව නම් පාතාල නායකයාව අලුත්කඩේ අධිකරණ මැදිරියක් තුළ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරන නිලධාරියෙකු බව සඳහන්. ඔහු පාදෙනිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකි.

මෙම ඝාතනයට අදාළව දැනට සැඟවී සිටින සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති කාන්තාව සමග මෙම පොලිස් නිලධාරියා දුරකථන සංවාදයක නියැළී ඇති බව විමර්ශන නිලධාරීන් විසින් මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

සැකකාර පොලිස් නිලධාරියා ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් ඇති බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...