ඉන්දියාවේ නීති විරෝධී අදහස් වපුරන පොත් සිය ගණනක් අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තහනම් සංවිධානයක නීතිවිරෝධී මතවාදය ප්‍රවර්ධනය කරන රහසිගතව අලෙවි කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වූ විශ්වාසනීය බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් කෘති 668 අත්අඩංගුවට ගෙන ඇති බව කාශ්මීරයේ පොලිසිය නිවේදනය කර තිබේ.

මෙම බොහෝ කෘති ලියා ඇත්තේ කාශ්මීරයේ තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධානයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි ආරම්භ කළ 20 වැනි සියවසේ ප්‍රමුඛ ඉස්ලාමීය විද්වතෙක් වන අබුල් අලා මෞදුඩි විසිනි.

මෙම කෘතිවල සාකච්ජා වන කරුණු හරහා රටේ සාමාන්‍ය නීති රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවට අනාවරණය වී ඇති අතර, එවැනි ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය ප්‍රකශ කර ඇත.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ජමාත්-ඊ-ඉස්ලාමි නායකයින් සඳහන් කර තිබුණේ, පොත් අත්අඩංගුවට ගැනීම අසාධාරණ හා ව්‍යවස්ථා විරෝධී සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්වන බවත්, මේවා නීත්‍යානුකූලව දිල්ලියේදී ප්‍රකාශයට පත් කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...