‘‘වෙනසක් සඳහා නායකත්වය” යන තේමාව යටතේ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අද සිට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW): අද (20) සිට 26 වැනිදා දක්වා , බාලදක්ෂ බාලක, බාලිකාවන් හා නායකයන් 20000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලයේ දී පවත්වන බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පවසයි.

‘‘වෙනසක් සඳහා නායකත්වය” යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන ජම්බෝරියේ සමාරම්භක උලෙළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) වැනිදා ආරම්භ කරන බව ඒ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රධාන කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය. ජාතික ජම්බෝරිය සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් බාලදක්ෂ බාලක, බාලිකාවන් සහ නායකයන් 500ක් පමණ එක් වන බවත් ජම්බෝරි ඉතිහාසයේ ප්‍රථම වතාවට බාලදක්ෂිකාවන්ද කඳවුරුගත වන බවත් ඒ මහතා කියා සිටියේය.

ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවසූවේ, බාලදක්ෂ දිස්ත්‍රික් 37ක නියෝජනය කරමින් බාලදක්ෂයන් 12000කට ආසන්න සංඛ්‍යාවක් දින 07 පුරා කඳවුරුගත වන අතර පෝතක බාලදක්ෂයන් 8000කට ආසන්න සංඛ්‍යාවක් දින තුනක් පුරා කඳවුර සමඟ එක්වන බවයි.

කඳවුරට සහභාගි වන බාලදක්ෂ බාලක,බාලිකාවන් යළි කඳවුරෙන් පිටව යන විට වෙනස් වූ පුද්ගලයකු බවට පත් කිරීම ජම්බෝරියෙන් උත්සාහ කරන බව පැවසූ ඒ මහතා හෙට(21) සවස 2.00න් පසු හා පසු දින සිට සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ජනතාව වෙනුවෙන් කඳවුර විවෘතව තබන බව කියා සිටී.

උප කඳවුරු මඟින් මේ ජම්බෝරිය ක්‍රියාත්මක වන අතර බාලදක්ෂයන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්, ගිනි මැල සංදර්ශන, සංස්කෘතික සංදර්ශන ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් මේ දින පුරා ක්‍රියාත්මක වන බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...