පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබේ!

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්, විපක්ෂයේ විරෝධතා හමුවේ පාර්ලිමේන්තුව හෙට (22) දිනය දක්වා කල් තැබීමට තීරණය කර ඇත. හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇත.

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ සිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණ ඉල්ලා විවිධ ප්‍රකාශ සිදුකළ අතර පාර්ලිමේන්තුව හමුවේ නැගී සිටිමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා, අද පස්වරු 2ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සිය අසුන්වලින් නැගී සිටිමින් විරෝධතා පුවරු ඉහළට ඔසවමින් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් උද්ගතවූ තත්ත්වය පාලනය කිරීමට කථානායකවරයා විසින් හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව දැනුම් දුන්නේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

වසර 22ක ලීග් ශූරතා නියඟය නිමා වෙයි:  Mikel Artetaගේ සුවිශේෂී තීන්දුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : 2019 දෙසැම්බර් මාසයේදී...

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද...