*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ලංකාවට ගෙනා කුණු කන්ටේනර් 45ක් අද එංගලන්තයට පිටත් වෙයි!

මීට කලකට ඉහත එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට අනීතිකව ගෙනා අපද්‍රව්‍ය රැගත් කන්ටේනර් පිළිබඳව පුවත බරපතල ආන්දෝලනයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, මෙම අපද්‍රව්‍ය කන්ටේනර් පිළිබඳව වහා ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව කටයුතු කර තිබිණි.

බාසල් (BASEL) සම්මුතියට ප්‍රකාරව මෙසේ දෙරටක් අතර අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ නොහැකි අතර, මෙම කන්ටේනර් තොගය යළි එක්සත් රාජධානිය බලා පිටත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මින් කන්ටේනර් යම් ප්‍රමාණයක් මුලදී යළි පිටත් කර හැරීමට කටයුතු කර ඇති අතර, අද දින (20) අදාළ ඉතිරි කන්ටේනර් 45 ක් යළි එක්සත් රාජධානිය වෙත යැවීමට කටයුතු කර තිබේ.

අප වෙත ලැබුණු තොරතුරු අනුව, අදාළ අපද්‍රව්‍ය කන්ටේනර් තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබෙන්නේ, එක්සත් රාජධානියේ 241, B High Street North, London, England E21 6SJ යන ලිපිනයට අයත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයකු සතු M/s Vangaads Ltd යන සමාගම විසින් වන අතර, ඒ අදාළ කන්ටේනර් නො. 12, පාර්ක් පාර, කොළඹ 05 යන ලිපිනය දරන M/s ETL Colombo Pvt Ltd නම් පෞද්ගලික සමාගම අතරමැදියකු ලෙස ක්‍රියාකරමින් 157, 4සී වින්සන් පාර්ක් II, ඇවරිවත්ත පාර, වත්තල යන ලිපිනය දරන M/s. Ceylon Metal Corporation Pvt Ltd නම් පෞද්ගලික සමාගමට භාර දීම සඳහාය.

මෙම අපද්‍රව්‍ය කන්ටේනර් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අදාළව හේලීස් සමාගමට චෝදනා එල්ල වූ මුත්, අප වෙත වාර්තා වන අන්දමට, Hayleys Free Zone සේවාව ක්‍රියාකර තිබෙන්නේ භාණ්ඩ ආනයනය කළ පාර්ශවය වෙනුවෙන් හුදෙක් සැපයුම් සේවා පාර්ශවය (logistics service provider) ලෙස පමණි.

ඒ අනුව, හේලීස් සමාගම මෙහි සැපයුම් සේවා පාර්ශවය ලෙස සිය අංගනය ලබා දීමට පමණක් කටයුතු කර ඇති අතර, අදාළ අපද්‍රව්‍ය කන්ටේනර් තොගය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා ඔවුන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි අප වෙත තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම, මෙම කන්ටේනර් 45ක් යළි එක්සත් රාජධානිය වෙත පිටත් කර හැරීමට අද දින කටයුතු කළ බව ද සඳහන්.

මේ පිළිබඳව වත්මන් පරිසර ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද Talk with Chatura යූටියුබ් වැඩසටහනට යම් අදහස් දැක්වීමක් සිදුකළ අතර, එය 01:25:55 සිට 01:29:17 දක්වා නැරඹිය හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan