*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ලාංකේය පාපන්දුවේ නිල නොලත් වීර චරිතයක් – “රත්නපුරේ වනිගෙ”

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 21 කොළඹ (LNW): මීට වසර ගණනකට පෙර එක්තරා රාත්‍රියක පිටකොටුවෙන් මම ත්‍රීරෝද රථයකට ගොඩ වුණෙමි.සාමාන්‍යයෙන් මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිට ත්‍රීරෝද ගාලේ බොහෝ දෙනෙක් මම හඳුණමි.ඒ පරීක්ෂණ අවශ්‍යයතාවයකට ඒ කාලයේ මම ත්‍රීරෝද පිළිබඳව දත්ත එකතු කරමින් සිටි අවදියය.එහි පේව්මන්ට් එකේ සරුව පිත්තල විකුණන ප්‍රභාගේ කඩේට වී කුඩා බංකුවක ඉඳගෙන සිටිය ද පැයක් පමණ තිස්සේ මා දන්නා හඳුනන ත්‍රීරෝද රථයක් නො’ආවේය.ඒ ත්‍රීරෝද හැරුණු විට අනිත් ත්‍රීරෝද කුලී ගමන් නොඳුවන තරම්ය.ඒ කාලයේ වන් වේ නැත.එක කෙළින් ගුණසිංහ පුරයේ ලොජ් එකට අල්ලා නැවත ඒ පාරේම නැවතුමට ඒම සඳහා ෂොර්ට් ටයිම් ඇදීමට ගණන 50 ක් වත් නැත.නමුත් කැන්දාගෙන යන කාන්තාවද ගාණක් දෙන අතර ලෝජ එකෙන්ද 50 ක් පමණ ලැබෙන්නේය.ඒ වන විට කිලෝ මීටර් දෙක තුනක් දිව්ව ද,හයර පහ හයක් බැවින් ඒ ආදායමට ආසා කළ අය වැඩි ය.


ඒ නිසා මම පාරට පැන ගෙදරට එන්න ත්‍රීවීල් එකක් ලබා ගතිමි.මරදාන ටෙක්නිකල් හන්දියට එද්දී ඩ්‍රයිවර් කතා කරන්නට පටන් ගත්තේය.


සර් අපේ වනිගෙ ස්ර්ව දන්නව නේද?
කොහෙද
රත්නපුර
ෆුටිබෝල් වනිගෙද?
ඔව්


මට වනිගේ ගැන අමුතුවෙන් කියා දෙන්නට දෙයන් ඔහුට නොතිබිණි.ඔහු මට වඩා දැන උන්නේය.ඒ වන විටත් ඔහු ජාතික සංචිතයේ උන්නේය.කොළඹ නැවතී ඉන්න අතරේ ඔහු සිය ත්‍රීරෝද රථයද දුවන්නේය.ඒ පාපන්දු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ තත්ත්වය ය.ඔහු දැල් රකින්නෙකු බව පැවසූ බව ද මතකය.ඔහුව ඒ තැනට ගෙනා පුහුණුකරු වනිගේ ය.


“නම ඕනි නැහැ ස්ර්.පත්තරේ ලියන්න දේවල් නොවේ ඉතිං මේවා.දුප්පතාගේ සෙල්ලමනෙ.”


වනිගසූරිය නොහොත් රත්නපුරම දන්නා වනිගෙ මාස්ටර් හෙවත් ෆුට්බෝල් වනිගෙ ශ්‍රී ලංකාව නියෝජනයට දායාද කර ඇති ගෝල පරපුරෙන් 13 ක් ම දැල් රකින්නන් වීම පුදුම සහගත වැඩකි.ඒ අතර ජාතික කණ්ඩායමට ද පුහුණුකරුවෙක් ලෙස පසුව නම් වූ මහින්ද ගලගෙදර වැනි පුහුණුකරුවන් ද ජාතික කණ්ඩායමේ දැල් රැකීම දක්වා ගෙන ඒමට පුහුණු කළේ වනිගසූරිය බව අමතක කළ නොහැකිය.එච්.ඩී.තිලකරත්න,එච්.ඒ.සුගත්,එරන්ද හෙට්ටිගම වැනි දැල් රකින්නන් වනිගේ ගේ නිර්මාණය.
මේ නො’උස් මිනිසා උසස් ගති ඇති ඉහළින්ම පුහුණුවට කැපවෙන බව මුළු රත්නපුරයම දන්නා,රත්නපුරයේම ආදරය දිනාගෙන ඇති මනුස්සෙකි.සාමාන්‍යයෙන් රත්නපුර නගරයෙන් බැස වනිගෙලාගෙ ගෙදරට යන්නෙ කොහොමද කියා ඔබ ඇසුවොත් ඔබව ගෙනවිත් බස්සන්නේ රත්නපුර සීවලි ක්‍රීඩාංගණයට යාබද ඔහුගේ නිවස අසළය.


රත්නපුරේ වෙන වනිගෙ යැයි කිව හැකි නම් ඇති කොපමණ සිටියත් “වනිගෙ” කියා ඇසූ සැණින් මතකයට එන්නේ පාපන්දු වනිගේය.සී.පී වනිගසූරිය ය.
මේ වචක ටික ලියන්නට හේතු වුණේ පාසල් අවදියේ දී ම රත්නපුර ශාන්ත අලෝසියස් විද්‍යාලය නියෝජනය කරමින් පාපන්දු ක්‍රීඩා කරන අතරේම එම කණ්ඩායම පුහුණුවට ද දායක වී සමස්ත ලංකා පාසල් පාපන්දු සූරතාවය ඇලෝසියස් විද්‍යාලයට දිනා දෙන්නට මැදිහත් වූ වනිගෙ අසනීප බවට ලැබුණු තොරතුරක් හේතුවෙන්ය.සූරතා දිනන්නට මෙන්ම සූරතා දිනිය හැකි පිරිස් බිහි කරන්නට වෙහෙසුණු ඔහුගේ පයකට කෙරුණු ශල්‍යකර්මයකි.ඇවිද්ද පය දහස් වටී නම් මේ වෙහෙසුණු පය මිල කළ නොහැකි පයක් විය යුතුය.එහෙත් ක්‍රීඩාවවත් සංස්කෘතියක් නොවුණු රටක මේ පාද සුරැකෙන ඉඩක් සැකසී නැත.


පාසල් අවදියේදී ම රත්නපුර පාපන්දුව වෙනුවෙන් නිලවරණවලට සම්බන්ධ වෙන තරමට පාපන්දු ක්‍රීඩාව ඇතුළත පිළිගැනීමකට ලක් වුණු වනිගසූරිය එතැන් පටන් පාපන්දු පරිපාලන පත් කිරීම සඳහා කරන ලද කාර්යභාරයද සුළු කොට තැකිය නොහැකිය.ඒත් කතිරයෙන් එහාට කිසිවෙක් වනිගේගෙන් වැඩ ගත්තේ නැත.රත්නපුරම නොවන ජාතික සූරතා දිනූ හමුදා කණ්ඩායම් ද වනිගේ ගේ මඟ පෙන්වීම යටතේ පෙරට පැමිණි අවස්ථා ඇත.ඒවාට අගය කිරීම් ලැබුණ ද මෙවැනි චරිත මුළු ජීවිත කාලයම රැක ගැනීමේ වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකා පාපන්දු වැඩ පිළිවෙලක තිබිය යුතුය.ජාතික ලීග සඳහා එවැනි කාර්යයන් සඳහා මග පෙන්වන සැළසුමක් ඉහළින් රෝපනය විය යුතුය.


මේ නොසළකා හැරීම්ම නොවන නොසළකා හැරීම් හැඳින්වීමට වගකීමෙන් මිදීම කියන වචනය ද ගලපා ගන්නට හැකිය.වනිගෙ වැන්නන් බලා ගැනීමේ වගකීමක් ජාතික තලයට දැනෙනවානම් හෝ තිබෙනවානම් වැදගත්ය.එහෙත් වනිගෙලා පිට්ටනිවල වේලෙමින් දිස්ත්‍රික් මට්ටමේ සිට ඉහළ පුටුවල සිට පාපන්දු නරඹන්නට මිනිස්සු හැදූ පිරිසක් පමණි.ඔවුන් වෙහෙසී රටට දායාද කරන ලද ක්‍රීඩකයන්ගේ දස්කම් බලන්නට මිනිසුන් පොකුරේ තෙරපෙමින් කෑ ගසන වනිගේ කෙනෙක් මිස ජාතික තලයේදී ජාතික තලයට පත් කළ හෝ ප්‍රාදේශීය නායකත්වයට විවරණ දුන් පිරිස් ඒ සභාවලට වනිගේ කැඳවූ අවස්ථා දැක නැත.
ඒ සැළකීමේ හැඩේ නිසා වනිගේ රිදුණ බව නොකිව්ව ද,ඒ රිදීම වෙන කෙනෙක්ට අයිති නොවන්නට කරපු වැඩක් ඉකුත් බක්මහේ දී අපි දුටිමු.ඒ රත්නපුර පිට්ටනියේ ක්‍රීඩාව වෙනුවෙන් කැප වුණු මිනිස්සු සියල්ල ගෙන උපහාර දක්වන අතරේම ක්‍රීඩා පාලකයන් අතින් ක්‍රීඩාවට වෙන දේ ද එම උත්සවයට නාට්‍යානුසාරයෙන් එක් කර තිබිණි.ඉතිං වනිගේ දේවල් ඉල්ලන ජාතියේ ඉල්ලා සටන් කරන ජාතියේ නොවේය.ඔහු තරග පිටියේදී ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩකයෙක් ලෙස ද,පුහුණුකරුවෙක් ලෙස ද පරාජය නොවී සිටින්නට උපරිමයෙන් සටන් කරනු විනා තමන්ට හිමි අගට නොදෙන මිනිස්සුන්ට ඒ අගය මතක් කරන්නට සටන් කරන්නට යන්නේ නැත.


එහෙත් වනිගෙලා වැනි මිනිසුන් වෙනුවෙන් වගකීමක් ගන්න,නිදහසේ සැහැල්ලුවේ ගෙවෙන ජිවිතයක් අවුරුදු 55ට වැඩි කාලයක් ගෙවුණු ජිවිතයේ පොළයට එකතු කරපු දහදිය වෙනුවෙන් තිබිය යුතු බව හැඟේ.අඩුම තරමේ මේ මනුස්සයා සමඟ වචනයක් හෝ කතා කර දුක සැප ඇසිය හැකිනම් සහ සොයා බලා කළ වැඩ වලට නිසි වටිනාකමක් දි විවේකී සහ සැපවත් ජිවිතයක් ගෙවන මං තනා දිය හැකිනම් අගනේය.
වනිගේ ගේ දුරකතන අංකය මෙහි සඳහන් කරන්නේ අසනීපයෙන් සිටින මොහොතේ දුක් සැප අසන්නට කතා කර ඔහුට වදයක් වන්නට නොවේය.උදව්වක් කළ හැකිනම් කතා කර සොයා බලන්නටය.සුව පැතීමට මේ අංකයට කෙටි පණිවිඩයක් හොඳටම සෑහෙන්නේය.
වනිගේ අපි සනීප වෙලා ආයෙ ෆුට්බෝල් ගහමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan