*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ඉවසිය නොහැකි අයට හොඳ ආරංචියක්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 21 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළ සිට පහළට කඩා වැටීම තදින්ම සිඳු වුණේ 1996 සිට 1999 දක්වා කාලය තුළය.96 ලෝක සූර ක්‍රිකට් කණ්ඩායම 99 දී දෙවන වටයටවත් නොපිවිස එළියට වීසි වෙනවා.ඊට පස්සෙ නායකත්වය වෙනස් වෙනවා වගේම,නායකත්වය සහ පරිපාලනය අතර තිබුණු ඇයි හොදයියත් අහවර වෙමින් ක්‍රිකට් ආයෙමත් අලුත් වෙනවා.ලෝක කුසලානයක් නැතුව හරි ඇත්තටම ස්වර්ණමය කාලය ලෙස හඳුන්වන්න පුළුවන් කාලය අපට හමුවන්නෙ එතැනදියි.


මේ ඉතිහාසයේ ලංකාවට ජාත්‍යන්තර ඉසව් එන මොහොතවල සිඳු වූ දෙයක් හැටියට පරිපාලනයට දේශපාලනය මැදිහත්වීම ගත හැකියි.ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරග සත්කාරකත්වය ලබපු අවස්ථාවල මේ තත්ත්වය හොඳින්ම දකින්න ලැබුණා.ඒකෙ හොඳම හරිය වාර්තා වෙන්නෙ 2011 දී.ලෝක කුසලාන සත්කාරකත්වයෙන් පස්සෙ පාළක මණ්ඩලයෙ පඩි ගෙවාගන්න බැරි තරමට ක්‍රිකට් බංකොළොත් වෙනවා.ඒත් ආයෙ ක්‍රිකට් නැගිටිනවා.මේ විදිහට 2034 මුල භාගයෙත් ලංකාවට අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය පැමිණිමට නිවමිතව තිබියදී,ආයෙමත් දේශපාලන බලධාරීත්වය මැදට පැනලා,තමන්ට අවුරුදු 50 ට ඉස්සෙල්ලා ලියපු නියෝගයකින් තියෙන බලයක් පෙන්වලා අතුරු කමිටුවත් ගේනවා.
එහෙත් මේ පාර අයිසීසී එක අතුරු කමිටුව පිළිගන්නෙ නැතුව විතරක් නිකං නො’ඉද 19 න් පහළ ලෝක කුසලානයත් අකුළලා අරගෙන ඒක දකුණු අප්‍රිකාවට භාර දෙනවා.මිලියන 30 ක් රටට එන්න තිබුණ අවස්ථාව අහිමි වෙනවා.ලෝකය රටට ඕනි විදිහට අඩියක් පස්සට ගන්නෙ නැතුව ලෝකයට ඕනි විදහට රටට ඉන්න කියන එක අමුතු දෙයක් නෙමෙයි.ඒ නිසා දේශපානයට පයක් පස්සට ගන්න වගේම දේශපාලන මුහුණ ද,ඔහුගේ උපදේශක මඬුල්ලත් එක්කම අයින් කරලා දාන්න වෙනවා.


ලෝක සූරතාවය දිනන කොන ක්‍රිකට්වල නෙමෙයි දේශපාලනයෙත් පේන්න හිටියෙ නැති හිටපු ක්‍රීඩා ඇමතිතුමා දන්න ඉතිහාසයේ දිග පළල අනුව ලාංකේය ක්‍රිකට් හී සාන්තුවර චරිත ලෙස විශ්වාස කරපු අයත් එක්ක වෙනම දේශාපාලන කඳවුරක් අටවගෙන දැන් රට වටේ රටේම දූෂණය භිෂණය නැති කරන්න උත්සාහ කරමින් ඉන්නවා.ඇත්තටම ඒක ක්‍රිකට් සහ අතීතයටත් බලපාන පරිදි සිඳ්ධ වෙනවනම් එතුමා මේ රටේ පාලනයට ඇවිත්,1990 දශකයේ අග භාගයේ ක්‍රිකට් ක්‍රීඩාවත් කැණ බැලුවොත් මරු.
එහෙත් මේ තත්ත්වය දේශපාලනිකව ලෝකයට වඩා රට ලොකුයි යන හැඟීම ඇති කරපු පාලකයන් ඉවත් කළත්,එයින් වූ විනාශය දුටුවත් තවමත් ඒ විදිහට හිතන පිරිස්වල අඩුවක් නැහැ.එ නිසාම දැන් කුමන තත්ත්වයකට වැටී හෝ නැවත නැගිටීම අපේක්ෂා කරමින් ක්‍රිකට් දෙස බැලූ පිරිස අතරට අලුත් පිරිසක් එකතු වෙලා තියෙනවා.ඒ අය ආස කරන්නෙ ලංකාවෙ ක්‍රිකට් පරදිනවට.ලංකාවෙ ක්‍රිකට්වල පරාජයන්ට බලපාපු පුද්ගලයන්ගේ ඉතිහාසය නොදැන හෝ අමතක කර සාන්තුවරයො හැටියට බෞතීස්ම කරන්න හදන අය ඒ අය පුටුවල ඉන්දවලා මේ රටේ ක්‍රිකට් මැජික් අරිශ්ඨවලින් නාවලා ගන්නකම් ඉන්නවා ශුද්ධ වූ ජයග්‍රහණ බලාපොරොත්තුවෙන්.


ඒත් දේශපාලනික බලපෑම්වලින් ඉවත් වුණාම ක්‍රිකට් දිනනවා කියන දේ තවම සංඥා පද්ධතියට ඇතුල් වෙලා නැහැ.අද සමහර විට ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය 3 – 0 ක් විසිහට හමාර කරයි.ඒත් වැඩක් නැහැ.සමහරු දැනටම කියන්නෙ ඇෆ්ගන්ට ගහලා වැඩක් නැහැ.පුළුවන්නම් බංගලියන්ට ගහලා පෙන්නන්න කියලා.රටකට හැම ක්‍රිකට් ජයක්ම වැදගත්.ඒත් එහෙම නැහැ දැන්.ජයග්‍රහණයේ අඩුපාඩුම හොයන්න හිතෙන්නෙ ඊනියා සාන්තුවරයන්ට ඇන්දිලා කියපු දේවල් ගලවගන්න බැරි නිසා.
දැන් බංගලිදේශයෙනුත් කතාවක් ආරංචි වෙනවා.ඒ තරගාවලියේ විස්සයි විස්ස වගේම එක්දින සංචිතයටත් සකීබ් අල් හසන් නොමැති බවයි.ඊට හේතුව ඔහුගේ ඇසේ ආබාධයක් බවත් වාර්තා කරලා තියෙනවා.අවිවාදයෙන් ඔවුන්ගේ අංක එක සකීබ්.ඒ නිසා දැන් බංගලාදේශය පැරදුණොත් සමහරුන්ට ඉඩක් හම්බවෙනවා ඔහොම ගහලා වැඩක් නැහැ සකීබ් ඉද්දි ගහල පෙන්නන්න කියලා.ඒ වගෙම ශ්‍රී ලංකාව පැරදුණොත් ඒ පරාජය තවත් පහළට දාලා සකීබ් එන්නෙත් නැතුව ගැහැව්වා,ඌත් හිටියනම් කොහොමද කියලා අහන්නත් ඒ අයට පුළුවන්.


මේ තමයි අද වන විට සමහරුන්ගෙ ක්‍රිකට්.ඒ කොහොම වුණත් බංලාදේශය කියන්නෙ අතිශයින් දක්ෂ කණ්ඩායමක්.ඒ වගෙම අපේ රිද්මය හොඳටම දන්න පුහුණු කාර්ය මණ්ඩලයක් එක්ක ඔවුන් වැඩ කරනවා.මේ නිසා පරාජය නොවි ඉන්න සෑහෙන්න වැඩ කොටසක් කරන්න තියෙනවා.ඊට අවශ්‍යය විශ්වාසය ශ්‍රී ලංකා කණ්ඩායම තුළ පේන්න තියෙනවා.ඒ විශ්වාසය සමඟ ජයග්‍රහණයට යන්න තියෙන හැකියාවට සුබ පතන අතරේම,පැරදුණත් දිනුවත් කණ්ඩායම අවතක්සේරු කිරීමට ඇබ්බැහි වී සිටින පිරිසටත් තමන්ගේ මතය මත සිටිමින් තරගාවලියෙන් ලැබෙන කුමන ප්‍රතිපලයකට වුණත් සතුටුවෙන්න පුළුවන්.
හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළෙන් පේන උද්යෝගය සහ සාමුහික බව දැක්කම හිතෙන දෙයක් තමයි මේ පැරදෙනකම් බලා ඉන්න පිරිසගේ ආදරය දිනා ගන්න ක්‍රමයක් තියෙනවා කියන එක.ඒ තමයි ජයග්‍රහණය අඛණ්ඩව පවත්වාගෙන යාම.රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන්නෙ වෘත්තියක් වශයෙන් කරන ක්‍රීඩාවට සල්ලි නොගෙන ඉදිම නෙමෙයි,රට වෙනුවෙන් වැය කරන වචනයක හෝ වෘත්තීය වගකිමක් තියෙන බව දැනගෙන අවබෝධයෙන් වැඩ කිරීම.ආයුධ තියාගෙන ඉන්න අයට ගහපං,මට දරාගන්න පුළුවන් කියලා පපුව අල්ලන්නෙ නැතුව කාටවත් ගහන්න හිතෙන්නෙ නැති වෙන්න හැසිරෙන්න පුළුවන්නම් ඒක තමයි නිවැරදි ජාතිකත්වය සහ වෘත්තිමයභාවය.


ක්‍රීඩකයොත් ඒ තත්ත්වයට සම්පූර්ණයෙන් හැදුණු බවක් පෙනෙන්න නැති මොහොතක දැනට දිනන්න පුළුවන් වැඩේ කරන්න හිතට ගන්න.ඒ වගෙම සකීබ් නැති ටීම් එකක් නිසා ශ්‍රී ලංකාව දිනනවා දරා ගන්න අපහසු අයට ලැබුණ අවස්ථාවත් සතුටින් විඳ ගන්න.ඒවායෙන් සතුටු වෙන්න.දිරි ගන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan