*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වෙමු – 10 වන බාලදක්ෂ ජම්බෝරියේදී ජනපති කියයි

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): අද (21) පෙරවරුවේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ජාති, ආගම් පදනමින් කිසිවෙකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බවත්, සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවයි.

රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුහග්‍රහය ලබා දෙන බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර පටිය සහ පදක්කම පැලඳවීම ද සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කළ කථාව,

” 10 වනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගී වී සිටිනවා. අද ඔබ මීට සහභාගී වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි, තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි, තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි, අද ඔබ මෙතනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයෙක් ලෙසයි. අප සියලුදෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතනට පැමිණි සියලුදෙනාටම පළමුව මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලුදෙනාගේ මේ සාමුහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනඟනවා. ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැ‍ඟෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා.ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වෙනවා.

බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මෙම වගකීම භාරගත් අවස්ථාවේදී ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකියාවක් තිබෙනවද කියා. එය කළ හැකි බව එතුමා ප්‍රකාශ කළා. එබැවින් සියලුදෙනා එක්ව මෙම බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේ දී එම සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි. මේ සඳහා ගැටළුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ 02ක ඉලක්කය සම්පූර්ණ කල විට එම වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් ලබාදීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමතියි. නමුත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර තුළින් නව දැනුම හා නව තාක්ෂණය ලබාදිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය ලබාදිය හැකියි. නව දැනුම ලබාදෙන මාර්ගයක් ලෙසත් මෙම බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසාදීමට මම බලාපොරොත්තු වෙනවා.

කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මෙම බාලදක්ෂ ව්‍යාපාරය සමග එක් කිරීමට අපේ සහාය ලබාදෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වෙන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වෙනවා.

බාලදක්ෂයන් පමණක් නොවෙයි අනිත් සියලුදෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරිමට තිබෙනවා. එය අප සියලුදෙනා විසින් ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලුදෙනාම දුක් වින්දා. විදුලි බලය තිබුණේ නැහැ,

ඉන්ධන තිබුණේ නැහැ, ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ. තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අපි පසු කළේ. අපේ රට බංකොලොත් වුණා. නමුත් දැන් ක්‍රමානුකූලව එම බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන ලබාදුන් නමුත් තවත් අසීරුකම් තිබෙනවා. නමුත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි.

රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමෙන් පසු අප සියලුදෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැඟිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සූදානම් ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලුදෙනා එකතුවුවහොත් තවත් වසර 10-15ක් යන විට හොඳ රටක් බිහිකර ගත හැකියි. එය මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළයුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි.

ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා.”

කෙස කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan