ජෝ බයිඩන්ගේ වාර්තාවක් ට්‍රම්ප් බිඳ දමයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 22 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිය ධූරයේ පළමු මාසය තුළ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුද්ගලයින් 37,660ක් පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, එම පිටුවහල් කිරීමේ සංඛ්‍යාව ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ  පාලන සමයේ අවසන් වසරේ දක්නට ලැබුණු මාසික සාමාන්‍යයට වඩා අඩු අගයක් බවයි .

ඉදිරි මාසවලදී පිටුවහල් කිරීම් ඉහළ යනු ඇති බවත්, අත්අඩංගුවට ගැනීම් සහ ඉවත් කිරීම් තවදුරටත් වේගවත් කිරීම සඳහා ට්‍රම්ප් ක්‍රියා කරනු ඇති බවත් ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ විශේෂඥයෙකු පවසා ඇත.

ඇමරිකාවේ මිලියන ගණනක් නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී ද ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ග්වාතමාලාව, සැල්වදෝරය, පැනමාව සහ කොස්ටාරිකාව යන රටවලින් ද සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා සහාය ලබා දෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...