පරාක්‍රමබාහු රජු වගේ අනුර දිසානායකත් හාල් පිටරට යැව්වා. රජකම් කළයුතු කෙනා එළියේ – NPP

Date:

පරාක්‍රමබාහු රජුගේ යුගයේ මෙන් අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරණ සමයේත් සහල් අපනයනය කළ බව එවකට එම අමාත්‍යාංශයේ ලේකම් තිස්ස වර්ණසූරිය මහතා පවසයි.

“අපි අමාත්‍යාංශය බාරගත්ත වෙලාවේ එතුමා අමාත්‍යවරයෙක්, මම ලේකම්වරයෙක්. අපි ක්‍රියා කළේ ඔය කියමනක් තිබෙනවා ‘ගොවියා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි’ කියලා. එතකොට ඒ නිසා එවැනි ගොවි පරම්පරාවක් එක්ක කටයුතු කරනකොට අද තත්වය අපි සලකා බලනකොට ආහාර පිටරටින් ගේනවා, හැමදෙයක්ම පිටරටින් ගේන තත්වයක් ඇවිල්ලා තියෙනවා, ආර්ථිකය පිරිහිලා තියෙනවා. අවුරුදු 75ක් රජකම් කරලා තියෙනවා, රජකම් කළ යුතු අය එළියේ ඉඳලා තිබෙනවා. අපට තිබුණු අමාත්‍යාංශය තමයි කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍යාංශය. අමාත්‍යාංශ 4ක් ඒකාබද්ධ කරලා තමයි අපේ අමාත්‍යාංශය ගොඩනැඟුනෙ. එවකට අමාත්‍යාංශ තිබුණෙ 30ක් පමණ. ඒකෙන් එකක තමයි මම ලේකම්වරයා හැටියට කටයුතු කළේ. ගොවිපලේදී කෘෂිකර්මය සහ පශූ සම්පත් ඒකාබද්ධ කරලායි තිබුණෙ. පශූ සම්පත්වලින් නිෂ්පාදනය වෙන පොහොර කෘෂිකර්මාන්තයට පාවිච්චි කළා. මේ අවස්ථාවේදී අපට පෙනී ගියා සාම්ප්‍රදායික උරුමයන් වන කෘෂිකර්මය සාම්ප්‍රදායික විදියට පවත්වාගෙන යන්නත් ඒ වගේම නවීන ලෝකයට අවශ්‍ය විදියට නවීකරණය කරන්නත් විදියට තමයි අපි කටයුතු කළේ. ඒ නිසා සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන කාර්යය පමණක් නොවෙයි ඒ ආහාරවල ගුණාත්මකභාවය වැඩිකිරීමේ ක්‍රියාමාර්ගත් අපි අනුගමනය කළා. එවකට අපට හැකියාව ලැබුණා අවුරුද්දකට මාස 12කට ඕනෙ සහල් ප්‍රමාණයක් තියෙනවා – එක පුද්ගලයෙකුට කිලෝ 107ක් අවුරුද්දකට – අපට හැකියාව ලැබුණා මාස 12කදී මාස 15කට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න. ඒ නිසා නිතරම අතිරික්තයක් තිබුණා. ඒකට එක සාධකයක් තමයි ලෝක ආහාර සංවිධානයට අපි හාල් දුන්නා. ලෝක ආහාර සංවිධානය නියං සහනාධාර දෙන වෙලාවට පිටරටින් හාල් ගේනවා. අපි අනුර දිසානායක අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ලෝක ආහාර සංවිධානයට හාල් වික්කා. ඒක පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලේ හාල් අපනයනය කළා වගේමයි”

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රෆා දේශසීමාව ගැන ඊශ්‍රායලයේ තීරණය!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා...

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...