බොරතෙල් මිල ඩොලර් 100 ආසන්නයේ – යුක්රේන අර්බුදය නිසා තවත් ඉහළ යන ලකුණු!

මේ වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 98 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර 07 කට පසු වාර්තා වූ ඉහළම බොරතෙල් මිල ලෙසයි සටහන් වන්නේ.

මෙලෙස අධිවේගයෙන් බොරතෙල් මිල ඉහළ යාමට හේතු වී තිබෙන්නේ දිනෙන් දින උණුසුම් වන යුක්රේන අර්බුදයයි. කුමන මොහොතෙක හෝ රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සිදුවිය හැකි අතර එම කලාපයේ වර්ධනය වන යුද උණුසුම ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොල සඳහා බලපෑම් කරයි.

යුක්රේනයෙන් වෙන්වීම ප්‍රකාශයට පත්කර ඇති පළාත් දෙකක් ස්වාධීන පාලන ඒ්කක ලෙස පිළිගැනීමට රුසියාව තීරණය කිරීමත් සමග රුසියාවට ජාත්‍යන්තර සම්බාධක පැනවීමේ ඉඩක් තිබෙනවා. මේ නිසා බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්ද මතුව තිබේ.

සෞදි අරාබියට පසු විශාලතම බොරතෙල් නිෂ්පාදකයා රුසියාව වන අතර ස්වභාවික වායු නිෂ්පාදකයන් අතර රුසියාව පෙරමුණේ පසු වේ. මේ නිසා ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපල සඳහා රුසියාවට එල්ල කළ හැකි බලපෑම අධිකය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...