ජාතික ජන බලවේගයේ ලියාපදිංචියට එරෙහි මෝසම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි !

ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෝසම සලකා බැලීම සඳහා මාර්තු 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) නියෝග කළේය.

ඒ, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර ඇති එම මෝසම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්නප්පුලි, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම මෝසම සලකා බැලීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල මෝසම සලකා බැලීම සඳහා මාර්තු 04 වනදා කැඳවන ලෙසයි නියම කළේ.

නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම මෝසම ගොනුකර තිබුණේ විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව ය.

ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ අනුව ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන ලෙසත් නාගානන්ද කොඩිතුවක්කු මහතා එම මෝසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

"දළ ජාතික සතුට" (Gross National Happiness) සිය සංවර්ධන දර්ශනයේ...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...