සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත මල්වතු – අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

Date:

සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස මහතා ඇතුළු නිලධාරීන් විසින් පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දැක සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිගැන්වීය.

පනත් කෙටුම්පත පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේලා එය තවදුරටත් සමාලෝචනය කර ඒකාබද්ධ අදහසක් ඉදිරිපත් කිරීමට ද එකඟ වූහ.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාල ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද නිලධාරීන් විසින් මෙහිදී වැඩිදුරටත් මහ නා හිමිවරු දැනුවත් කරනු ලැබීය.

පූජ්‍ය මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ධර්මරතන ස්වාමීන් වහන්සේ සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අංශ ප්‍රධානී (ප්‍රතිපත්ති) ආචාර්ය සී. වයි. තංගරාජා, මහජන සම්බන්ධතා විධායක දනුෂි ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නීති විධායකයන් වන යස්මදා ලොකුනාරංගොඩ, දුලාන් දසනායක, සම්බන්ධීකාරක එස්. ඩී. කොතලාවල යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...