තුන්වන වරටත් පරාද වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): තුන්වන වරටත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාද වී ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අලුතෙන් පත් කෙරුණු සභාපපති නලින් ප්‍රියදර්ශන මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය සභාවට ඉදිරිපත් කළ අතර. එම පක්ෂය නියෝජනය කරන උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 07 දෙනෙක් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ද ඊට විරුද්ධව චන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 අයවැය මෙලෙස පරාජය වූයේ තුන්වන වරටයි.

දින 14 ක් ඇතුළත සභාපතිවරයා විසින් දෙවනවරටත් අයවැය ලේඛණයක් ඉදිරිපත් කළ යුතු බව ගාල්ල පළාත් පාලන කොමසාරිස්වරයා පවසයි.එයද පරාජයට පත් වුවොත් ප්‍රාදේශීය සභාවේ නිල කාලය එදින සිට අවසන් වන බවද ඔහු කියා සිටී,.

ඒ මහතා ප්‍රකාශ කළේ අනතුරුව පළාත් සභාවේ පාලනය කොමසාරිස්වරයාට පැවරෙන බවයි .

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් පසුගිය දෙසැම්බර් 05 වනදා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත් වූ අතර ඔහුගේ අයවැය දෙවන වරට ද පරාජයට පත්වීමෙන් සභාපති ධුරය අහිමි වූ බව සඳහන් වේ.. පසුව නලින් ප්‍රියදර්ශන මහතා පත් කෙරුණේ ඉන් පසුව බවඳ සඳහන්ව වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Netflix-WB ගනුදෙනුව ප්‍රශ්නයක් විය හැකි බවට ට්‍රම්ප්ගෙන් මැසිවිලි!

සටහන – පුලී දෙසැම්බර් 09, කොළඹ (LNW): වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි...

විපතට පත් ජනතාව හමුවෙන්න ජනපති නුවරඑළියට යයි! (PHOTOS)

කොළඹ LNW:වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේ නාය...

75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : ශ්‍රී ලංකා...

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...