රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් අරඹයි – බොරතෙල් මිල ඩොලර් 100 පනී

Date:

යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමට රුසියාව සූදානම් වේ. අද පෙරවරුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදාල කලාපයට ඇතුළුවීම සඳහා රුසියානු හමුදාවට අවසර ලබා දී තිබේ.

පුටින් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ යම් ලේ වැගිරීමක් සිදු වුවහොත් එහි වගකීම යුක්රේන පාලනය බාරගත යුතු බවයි. එනිසා වහාම අවි ආයුධ බිම තබා යටත් වන ලෙස ඩොන්බාස් කලාපයේ සිටින යුද සෙබළුන්ගෙන් ඉල්ලා සිටිනවා.

නැගෙනහිර යුක්රේනයේ ඇතැම් ප්‍රදේශවලින් මෙන්ම යුක්රේනයේ අගනුවර වන කිව් නගරයෙන්ද විශාල පිපිරීම් වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර මෙම යුද උණුසුමේ බලපෑම සමස්ත ලෝකයටම එල්ලවෙමින් තිබෙනවා. මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. මෙවැනි ඉහළ අගයක් වාර්තා වී තිබෙන්නේ 2014 වසරෙන් පසුව වීම විශේෂත්වයකි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් සමස්ත ලෝකයම රුසියාවට ප්‍රතචාර දක්වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. සියලු මිතුරු පාර්ශ්ව සමග එක්ව එක්සත්ව රුසියාවට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි ඔහු පවසන්නේ.

මෙම තත්වය මත ඉදිරියේදී බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි අතර, බොරතෙල් හිගයක් මතුවීමටද ඉඩ තිබෙනවා. ඊට හේතුව වන්නේ ලොව දෙවැනි විශාලතම බොරතෙල් නිෂ්පාදකයා රුසියාව වීමයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...