*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් යොදාගනිමින් ගෙතුම් නූල් නිශ්පාදනයට පියවර

ප්ලාස්ටික් ඉවත දැමීමෙන් සිදුවන පරිසර විනාශය අවම කිරීමේ පියවරක් ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් යොදාගනිමින් ගෙතුම් නූල් නිශ්පාදනය කිරීමේ නව්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සමාගම වන ඉකෝ ස්පින්ඩ්ල්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Eco Spindles (Pvt) Ltd) විසින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් භාවිතයෙන් ගෙතුම් නූල් නිශ්පාදනය කිරීමේ ධාරිතාව පුළුල් කිරීමටත්, ලෝකයේ ප්‍රමුඛතම විලාසිතා සන්නාම භාවිතා කරන සිය විවිධ නිශ්පාදන කට්ටල වලට නවීනතම පරිසර හිතකාමී මුහුණුවරක් එක්කිරීමටත් පියවර ගෙන තිබේ.

ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) ප්ලාස්ටික් පියලි වලින් සෘජුවම පොලියෙස්ටර් නූල් නිර්මාණය කිරීමේ හැකියාව ඇති ලොව ඇති කම්හල් දෙකෙන් එකක් මෙම සමාගම සතු වන අතර, එළඹෙන අප්‍රේල් මාසය වන විට සිය නූල් කම්හල් පුළුල් කිරීමේ වැඩසටහනේ දෙවන අදියර අවසන් කර ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිශ්පාදනය කිරීමේ ධාරිතාව මසකට ටොන් 100 සිට ටොන් 220 දක්වා සියයට 120 කින් ඉහළ නැංවීමට ඉකෝ ස්පින්ඩ්ල්ස් සමාගම අපේක්ෂා කරයි.

එහි තුන්වන අදියරේ වැඩකටයුතු සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සිය ව්‍යාපාරය පුළුල් කිරීමේ හැකියාවන් පිළිබඳව ගවේෂණය කරමින් සිටින බව ඉකෝ ස්පින්ඩ්ල්ස් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්.

ප්‍රතිචක්‍රීකරණය කරන ලද PET ප්ලාස්ටික් භාවිතයෙන් සාදන ලද නිෂ්පාදන ප්‍රධාන වශයෙන් අපනයනය සඳහා යොමුකරන අතර, මෙම වර්ධනයෙන් ශ්‍රී ලංකාව සඳහා වැඩි අපනයන ආදායමක් සහ විදේශ විනිමය උත්පාදනයක් ලබා ගැනීමට හැකිවනු ඇති බවට සමාගම පුරෝකථනය කරයි. එමෙන්ම එය ලොව විශාලතම පාරිසරික ගැටළු වලින් එකක් වන ප්ලාස්ටික් බැහැර කිරීම ද අවම කරනු ඇති.

ඉකෝ ස්පින්ඩ්ල්ස් සමාගමේ වාර්ෂික ගෙතුම් නූල් සමුළුව ඉකුත් පෙබරවාරි 14 වන දින වීඩියෝ තාක්ෂණය හරහා පැවැත්වුනු අතර, එහිදී මේ පිළිබඳව පළමු වරට අනාවරණය කළේය. මෙම සමුළුව සඳහා එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කලමනාකරණ මණ්ඩලය සහභාගී වී සිටියේය. සමුළුව අතරතුර, ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් 2021 වර්ෂයේ හොඳම ගැනුම්කරුවන් 10 දෙනාට උපහාර දැක්වීම ද සිදුවිය.

මෙහිදී රෙදිපිළි අපද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිශ්පාදනය කිරීම සඳහා ඇති සැලසුම් පිළිබඳව ද ඉකෝ ස්පින්ඩ්ල්ස් සමාගම අදහස් දැක්වීය.

මෙම නවෝත්පාදනය සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදකයන් සහ ගෝලීය ඇඟලුම් සන්නාම සමඟ සමීපව කටයුතු කරමින් සිටින සමාගමකි ඉකෝ ස්පින්ඩ්ල්ස්. එහි පළමු වාණිජමය ශක්‍ය නිෂ්පාදනය එළඹෙන  මැයි මාසයේදී දියත් කෙරේ.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan