මයන්ත අස්වෙන්නේ නෑ කිව්වා. මේක සැලසුම් සහගත කුමන්ත්‍රණයක් – හර්ෂ (VIDEO)

Date:

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා වශයෙන් ආණ්ඩු පක්ෂය විසින් මයන්ත දිසානායක මහතාව පත්කිරීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එසේම මෙම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස මයන්ත දිසානායක මහතාට විපක්ෂ නායකවරයා ද දැනුම් දී ඇතත් ඔහු එසේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

“මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සම්පූර්ණ අනුදැනුම මත වෙච්ච දෙයක්”

ප්‍රශ්නය – ඔබතුමා මේ ගැන මයන්ත දිසානායක මහතාගෙන් විමසීමක් කළාද ?

“ඔව්. මම මයන්තගෙන් ඇහුවා. මයන්ත නිකම් දන්නෑ වගේ, එයාගෙ ඔළුව හැප්පිලා වගේ මගෙන් අහනවා. මම කිව්වා එහෙම නෙවෙයිනෙ මයන්ත දැන් ඔයාට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කතා කරලා ඇහුවානෙ මේක ප්‍රතික්ෂේප කරනවාද, භාරගන්නවාද කියලා. එතකොට එතුමා කියලා තිබුණා නෑ, මම අද උදේ කථානායකතුමාත් එක්ක කතාකරලා එකඟවෙලා තියෙන්නෙ. ඒ නිසා මට මේක අයින් කරගන්න බැහැ කියලා. මේක මේ සැලසුම් කරලා කරපු කුමන්ත්‍රණයක්. විපක්ෂ නායකවරයාත් ඔහුගෙන් කරුණු විමසලා තියෙනවා. ඔහු කියලා තියෙනවා නෑ, මම මේක භාරගන්නවා කියලා. එතකොට විපක්ෂ නායකවරයා කියලා තියෙනවා මේක කරන්න එපා මයන්ත, අපි එකඟවෙච්ච විදියට කරන්න කියලා. එතකොට ඔහු කිව්වායි කියලා කියනවා – මම දන්නෙ නෑ – එහෙම නම් අපි ආණ්ඩුවට යනවා කියලා”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (24) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මීට පෙර රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය දැරුවේ හර්ෂ ද සිල්වා මහතා විසින් වන අතර නැවත වතාවක් එම තනතුර සඳහා සමගි ජන බලවේගය විසින් ඔහුවම යෝජනා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...