නැගෙනහිර කොංගෝවේ ගැටුම් වලින් මාසයකදී 7000ක් මියගිහින් – UN මානව හිමිකම් කවුන්සිලයේදී හෙළිවෙයි!

Date:

කොළඹ LNW:නැගෙනහිර කොංගෝවේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා 7000ක් පමණ පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍යවරිය වන ජුඩිත් සුමින්වා පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ස්විස්ටර්ලන්තයේ ජිනිවා අගනුවරදී ආරම්භ වූ 58 වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් අගමැතිවරිය අග්‍රාමාත්‍යවරිය ඒ බව අනාවරණය කර ඇති බවයි. එහිදී අගමැතිවරිය පවසා ඇත්තේ නැගෙනහිර කොංගෝවේ තත්ත්වය භයානක තැනකට පත්ව තිබෙන බවත් මියගොස් ඇති බහුතරය සිවිල් වැසියන් බවත්ය.

නැගෙනහිර කොංගෝවේ ගෝමා නගරයෙන් පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3000 ක් පමණ වන බවයි ඇය එහිදී තවදුරටත් පවසා තිබුණේ.

හඳුනානොගත් මළ සිරුරු 2500 කට අධික සංඛ්‍යාවක් භූමදානය කර ඇති අතර තවත් මළ සිරුරු 1500 ක් පමණ හඳුනාගැනිම සඳහා යොමුකර ඇති බවද අගමැති ජුඩිත් සුමින්වා මානව හිමිකම් කවුන්සිලය හමුවේ පවසන ලදී.

පසුගිය ජනවාරි මාසයේ සිට රුවන්ඩාවට පක්ෂපාත කැරළි කණ්ඩායමක් හා කොංගෝ රජයේ හමුදා අතර නැගෙනහිර කොංගෝවේදි ගැටුම් ආරම්භ විය.

රුවන්ඩාව කැරලිකරුවන්ට ආයුධ සහ හමුදා සහය දෙන බවට නැගෙනහිර කොංගෝව කරන චෝදනාව රුවන්ඩාව විසින් ප්‍රතික්ෂේප කිරීමට ද කටයුතු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...