මැතිවරණ කොමිසමෙනුත් නව ප්‍රවේශයක්?

Date:

කොළඹ LNW:මැතිවරණ නීති යම් ආකාරයකට සංශෝධනය විය යුතු බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මැතිවරණයෙන් පසු ඉටු නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඡන්දදායකයාට අයිතියක් ඇති නමුත් නැවත කැඳවීමේ ක්‍රමවේදයක් නොමැති බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ.

“අපේ රටේ තියෙන සම්ප්‍රධාය තමයි ඡන්දයක් තිබුණට පසු පත්කරගන්නවා ආපහු අවුරුදු කිහිපයක් බැණ බැණ ඉන්නවා. ආපසු ඊළඟ ඡන්දෙදි අයෙම යනවා. ඕක තමයි ක්‍රමේ. අපි හිතන්නේ පත්කරගත්තට පස්සේ අපේ රාජකාරිය ඉවරයි කියන එක. එහෙම නෑ. පුරවැසියෝ විදිහට අපට අනිවාර්ය වගකීමක් තියෙනවා අපි පත්කරගත් සභිකයනින් ලවා අපේ කාර්යභාරය කරවා ගැනීමට. එසේ නොකරනාවනම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාව තිබෙනවා. අපේ රටේ නැවත ප්‍රශ්න කිරීමක් කෙරෙන්නේ නැවත ඡන්දයක් එනකම් විතරයි. ඒකට මැතිවරණ නීතිත් යම් ආකාරයකට වෙනස් විය යුතුයි. අපේ රටේ නැවත කැඳවීමේ ක්‍රමවේදයක් අපේ මැතිවරණ ක්‍රමවේදය තුළ නෑ. ඒවා ප්‍රතිසංස්කරණය විය යුතු කාරණා. අලුත් මැතිවරණ නීති සංශෝධනයේදී ඒවා හඳුන්වාදිය යුතු කාරණා වෙනවා. අපේ රටේ ඡන්ද දායකින්ට වඩා පාරිභෝගිකයෝ ඉන්නේ. දුන්නොත් දෙනවා කියන න්‍යායේ තමයි ඉන්නේ. ඉන් එහාට ගිහින්, දීලා විතරක් බෑ, දුන්නට පස්සේ එක ඇදගෙන යාමත් පුරවැසියන්ගේ වගකීමක්” යනුවෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

ඔහු මේ අබව සඳහන් කළේ අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...