මිනිස්සුන්ට කන්න නැහැ කියන එකනම් බොරුවක්.තෙල් වැඩි කළත් වාහන දුවන එක අඩු වෙනවද? (VIDEO)

Date:

රටේ ජනතාවට කන්න නැති බවට විපක්ෂය චෝදනා කළද එවැනි තත්ත්වයක් නැති අතර ඉන්ධන මිල වැඩි කළද එක වහනයක් හෝ අඩුවෙන් ධාවනය නොවන බවද මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

වසර එකහමාරක් පමණ සිර වී සිටි ජනතාව දැන් සම්පූර්ණයෙන්ම තමන්ගේ ශක්තිය යොදා රටේ ආර්ථිකය සහ ඔවුන්ගේ ආර්ථිකය දියුණු කර ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”අද බැලුවොත් සිමෙන්ති ප්‍රශ්නයක් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ඉදිකිරීම් සිදුවෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙන් පස්සේ මේ යුගයේ. වැඩියෙන් මහා මාර්ග ඉදිවෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. පුද්ගලික අංශයේ වැඩියෙන්ම ගොඩනැගිලි හැදුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. අද ඊටත් වැඩියෙන් හැදෙනවා. ඒ නිසා ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. විපක්ෂයට මේ හැම දෙයක්ම කටු අනිනවා වගේ. පාරක් හැදෙනවා දැක්කම ඔවුන් හරියට දුක්වෙනවා ඔවුන්ගේ කාලයේ හදාගන්න බැරි වුණ එකට. මහින්ද මහත්තයා හදල දුන්න චීනයට විතරක් දෙවෙනි වෙච්ච ආර්ථික වර්ධනය වේගයවත් තියාගන්න බැරි වුණා. කොහොමද මේ දේශපාලනවත් නොකරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇවිල්ලා මේ හැම දෙයක්ම කරන්නේ කියල ඔවුන්ට හරි දුකක් තියෙන්නේ.”

එම නිසා මේ මොහොතේ රට හමුවේ පවතින අභියෝග ජයග්‍රහණය කිරීමටද රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...