Thursday, March 30, 2023
spot_img

Latest Posts

ඩීසල් හිඟය නිසා අද සිට බස් ධාවනයත් අඩකින් අඩුවෙයි !

පවතින ඩීසල් හිඟය නිසා අද (28) සිට පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50% කින් අඩුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව කාර්යාල වේලාවන්, අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් අද සිට ධාවනය කෙරෙන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.

අනවශ්‍ය ගමන්වාර මෙන්ම දිවා කාලයෙහි බස් ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (27) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.