හරිනිට හොඳ දේශ­පා­ලන ගම­නක් තියෙනවා – හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): ජාතික ජන බල­වේ­ගයේ හරිනි අම­ර­සූ­රි­යට හොඳ දේශ­පා­ලන ගම­නක් තිබෙන හෙයින් ඇය ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට සුදුසු යැයි ද හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය පැව­සු­වාය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය,

‘ජාතික ජන බල­වේ­ගයේ හරිනි අම­ර­සූ­රි­යට හොඳ දේශ­පා­ලන ගම­නක් තිබෙ­නවා. ජාතික ජන බල­වේ­ග­යෙන් ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් විය යුත්තේ හරිනි අම­ර­සූ­රිය. අනුර කුමාර දිසා­නා­ය­කට භායා­නක, කිලිටි අතී­ත­යක් තිබෙ­නවා.

හරිනි අම­ර­සූ­රි­යට එවැනි අතී­ත­යක් නෑ. ඇය උගත් බුද්ධි­මත් ජාත්‍ය­න්තර සබ­ඳතා තිබෙන කාන්තා­වක්. අනුර කුමා­රට වඩා හරිනි අම­ර­සූ­රිය ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට සුදු­සුයි. ගණිකා වෘත්තිය නීති­ගත කරන යෝජ­නාව ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­ප­ත්ව­ලට ඇතු­ළත් කරන බව හරිනි අම­ර­සූ­රිය ප්‍රකාශ කරලා තිබෙ­නවා.

ඔවුන් එය පාදක කර­ගෙන තිබෙන්නේ කාන්තා­වන්ගේ සුර­ක්ෂි­ත­භා­වය තහ­වුරු කිරී­මට නම් හරිනි අම­ර­සූ­රි­යට පුළු­වන් පාර්ලි­මේ­න්තු­වට පෞද්ග­ලික මන්ත්‍රී යෝජ­නා­වක් ගේන්න පාදඩ නීතිය අහෝසි කරන්න කියලා. ඔවුන්ට කැක්කු­මක් තිබෙ­නවා නම් ක්‍රියා­වෙන් මේ සම්බ­න්ධ­යෙන් කට­යුතු කරන්න හරිනි අම­ර­සු­රි­යට පුළු­වන්.

ගණිකා වෘත්තිය නීති­ගත කරන බව සමගි ජන බල­වේ­ගයේ රැස්වී­මක කිව්වොත් මිනිස්සු අපට බනියි. නමුත් මාලි­මාවේ රැස්වීම් ඉදි­රියේ ඉඳ­ගෙන සිටින කාන්තා­වන් එවැනි කතා අහ­ගෙන ඉන්නා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට පුළු­වන්ද එවැනි කතා අහ­ගෙන එවැනි කතා­ව­ටල අත්පුඩි ගහන්න. නිවැ­රදි වැඩ­පි­ළි­වෙ­ළකි තිබෙන දැක්මක් තිබෙන තැනක් කාන්තා­වන් තෝරා­ගත යුතුයි

ඊයේ (28) දින කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවැති මධ්‍ය හමු­වට එක්වෙ­මින් ඇය මේ පිළිබඳ කියා සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...