සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 29 කොළඹ (LNW): අද (29) දින නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බව වාර්තා වේ.
මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ, නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව බව සඳහන් වේ.
ප්‍රියන්ත ජයවර්ධන ,ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීරණය ලබා දුන් බව වැඩිදුරටත් වාර්තා වේ.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-81-1024x137.png)