බදු වැඩිකරනවා හැර විකල්පයක් නැහැ – ඇයි පිනට දෙනවා කියල හිතන්න බැරි (VIDEO)

Date:

දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බවට ප්‍රකාශ කෙරුණද ප්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැති අතර සෞඛ්‍ය,විදුලිය, දුම්රිය,ලංගම ඇතුළු ක්ෂේත්‍ර තුළ කටයුතු සිදුවෙන බවත් වරාය සහ බැංකු ක්ෂේත්‍රයේ යම් වර්ජනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඇතැම් පාර්ශව වල ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ මැතිවරණය පැවැත්වීම වන බවත් තවත් අය ඉල්ලීම් කර තිබුණේ ඖෂධ හිඟයට විසඳුම් දෙනු ලෙසත් වන අතර ඒ අනුව මෙම ඉල්ලීම් පරස්පර බවයි රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

ඖෂධ හිඟය පියවීම ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා බදු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව හෙතෙම කියා සිටියේය.

එහෙයින් පවතින තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සියලු දෙනාට කැප කිරීම් කිරීම සිදුවන අතර වැඩියෙන් තියෙන තැනකින් සුළු ප්‍රමාණයක් ගෙන දුප්පත් ජනතාව වෙත ලබා දීම සිදුළ නොහැක්කේ ඇයිද යන්න ඔහු මතුකරයි.

මෙය සද්භාවයෙන් කළ යුතු බව රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මෙහි පවතින්නේ තුන්වෙලෙන් එක වේලකට වැටුණු ජනතාවට දෙවේලක් කන්න දීමේ උත්සහයක් බවයි ඔහු පැවසුවේ.

බදු මඟින් ලබාගන්නා රු. බිලියන 83 වැයවන්නේ අත්‍යවශ්‍ය කාරණා සඳහා වන බවත් මේ වෙනුවෙන් කැප කිරීමක් කළ නොහැකි නම මේ රට ගොඩගත නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...