බදු වැඩිකරනවා හැර විකල්පයක් නැහැ – ඇයි පිනට දෙනවා කියල හිතන්න බැරි (VIDEO)

Date:

දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බවට ප්‍රකාශ කෙරුණද ප්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැති අතර සෞඛ්‍ය,විදුලිය, දුම්රිය,ලංගම ඇතුළු ක්ෂේත්‍ර තුළ කටයුතු සිදුවෙන බවත් වරාය සහ බැංකු ක්ෂේත්‍රයේ යම් වර්ජනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඇතැම් පාර්ශව වල ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ මැතිවරණය පැවැත්වීම වන බවත් තවත් අය ඉල්ලීම් කර තිබුණේ ඖෂධ හිඟයට විසඳුම් දෙනු ලෙසත් වන අතර ඒ අනුව මෙම ඉල්ලීම් පරස්පර බවයි රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

ඖෂධ හිඟය පියවීම ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා බදු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව හෙතෙම කියා සිටියේය.

එහෙයින් පවතින තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සියලු දෙනාට කැප කිරීම් කිරීම සිදුවන අතර වැඩියෙන් තියෙන තැනකින් සුළු ප්‍රමාණයක් ගෙන දුප්පත් ජනතාව වෙත ලබා දීම සිදුළ නොහැක්කේ ඇයිද යන්න ඔහු මතුකරයි.

මෙය සද්භාවයෙන් කළ යුතු බව රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මෙහි පවතින්නේ තුන්වෙලෙන් එක වේලකට වැටුණු ජනතාවට දෙවේලක් කන්න දීමේ උත්සහයක් බවයි ඔහු පැවසුවේ.

බදු මඟින් ලබාගන්නා රු. බිලියන 83 වැයවන්නේ අත්‍යවශ්‍ය කාරණා සඳහා වන බවත් මේ වෙනුවෙන් කැප කිරීමක් කළ නොහැකි නම මේ රට ගොඩගත නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...