*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඩුබායි ගමණට පැනීම් ඉසව් තුනකින් තුනක් -එකකට දෙකක් – දෙකකට එකෙක්

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 03, කොළඹ (LNW): ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය රටක් ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය ඊ හ්‍රේණියේ තරගාවලියක් විදිහට පිළිගනු ලබනවා.එහෙත් 2024 මාර්තු පළමු වැනිදා සහ 2 වැනිදා පැවත්වුණ තරගාවලිය එහෙම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමක පෞරුෂය සහිතව නිමා වූවා ද නැද්ද යන්න සාකච්ඡා කළ යුතු වන්නේ කිසිවෙක් විවේචනය කිරීම පමණක් පදනම් කරගෙන නොවන අතර එම පෞරුෂය උළෙලට දිය හැකි කාරණා කවරේද යන්න නිර්මාණශීලීව තහවුරු කර ගැනීමෙන් පමණයි.


තරගාවලියේ පළමු අර්බූදය පැන නඟින්නේ මේ මොහොතේ මේ පොළවට අදාළ වන්නේ පහළ සිට ඉහළට සංවාදයක් සිඳු නොවුණු බව පෙනෙන්නට ඇති නිසයි.මේ තත්ත්වය නිසා ඔලිම්පික් මට්ටමේ සිටින බව හඳුනාගෙන ඇති හෝ ඒ දක්වා වර්ධනය කළ හැකියැයි විශ්වාස කළ හැකි සියල්ල මේ තරගාවලිය නියෝජනය නොකිරීම ගැටළුවක් බව බලධාරීන් කල්පනාවට නොගෙන ආපු නැති එව්වො ගැන අදාළ නොවේ වැනි ප්‍රකාශයක් කරන්න බැහැ.


මෙහි කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ එකට පවත්වා කණිෂ්ඨ අංශයේ ඇතැම් ක්‍රීඩකයන්ට ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග වඳින්න ඉඩ දීම වැදගත්.ඒ නිසා ජ්‍යෙෂ්ඨයන් හා තරග කර තමන්ගේ පෞද්ගලික දක්ෂතා ඉහළ ඔසවා ගත් පිරිසක් සිටියා.ඒ අතර තරුෂි අභිෂේකා කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට ද සුදුසුකම් ලබා ගත්තා.මේ අංශ දෙක මුසු කර ජාතික තරගාවලිය ලෙස නම් නොකර මෙය පැවත් වූවානම් ජාතික තරගාවලිය ලෙස මීට වඩා හොඳ තරගාවලියක් පවත්වන්නට ඉදිරි මොහොතක් තිබුණා යැයි සිතිය නොහැකිද?වඩා වැදගත් වන්නේ එවැනි කල්පනාවන් තුළින් නිවැරදි වීම වුව ද,සාමාන්‍ය පරිදි ලංකාවේ පරිපාලකයන් වෙනස් අදහස්වලට ඇහුං කං දීම මදි පුංචිකමක් සේ සළකන මානසිකත්වයට බොහොම කිට්ටු නිසා එසේ වෙනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.


එයට එක් හේතුවක් වන්නේ පරිපාලකයන්ට වැඩිපුර තරග පැවත්වීමට මූල්‍යමය වශයෙන් ශක්තියක් නොමැතිවීම විය හැකියි.එහෙත් පරිපාලකයාගේ ගැටළුව හෝ නොහැකිකම ක්‍රීඩාව වින්දිතයෙකු බවට පත් නොකිරීමට වැඩ පිළිවෙලක් තිබිය යුතු නොවේද? හැමදාම කතා බහ පවතින වේදිකාවට ප්‍රභූ වේශයෙන් ගොඩ වෙන මිනිසුන් පසුව වෙනත් වේශයකින් පිටවී යාම දක්වා පරිවර්ථනය වෙනු දැක ඇති අපටනම් වෙනස් විය යුත්තේ පුද්ගලයා නොව ක්‍රමය බවයි විශ්වාසය වන්නේ.


කෙසේ හෝ මේ තරගාවලියේ දී නෙත්මිකා මධුශානි හේරත් දුර පැනීම සහ තුන් පිම්ම යන ඉසව් දෙකෙන්ම ඩුබායි හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා ගත්තා.ඇය මීටර් 5.90 ක් වූ දුර පැනීමේ සුදුසුකම් සීමාව ඉක්මවා මීටර් 6.00 ක දුරක් පැන්න ආකාරයටම තුන් පිම්ම ඉසව්වේදි ද මීටර් 12.75 සීමාව ඉක්මවා මීටර් 13.01 ක දක්ෂතාවයක් දක්වනු ලැබුවා.


තරුෂි පළමු දිනයේම සුදුසුකම් ලබා සිටි ආකාරයටම දෙවන දිනයේ පිරිමි උස පැනීමේ තරගයෙන් දෙදෙනෙක් මීටර් 2.10 සීමාවට පිවිසෙමින් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා ගත්තා.ඒ අතරින් තරුෂ මෙණ්ඩිස් තව විශාල කාලයක් මේ තරගාවලියම නියෝජනය කළ හැකි ක්‍රීඩකයෙක් වන අතර දෙනෙත් අනුහස් ආසියානු මට්ටමේ පදක්කම්ලාභි උස පනින්නෙක්.මෙහිදි පැවති තරගකාරීත්වය අති සුවිශේෂි වූ අතර කණිෂ්ඨ තරග අංශයන් හී ආසියාව ජයගෙන පදක්කම් දිනූ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන අර්ථවිදු සහ පැහැසර පසුපසට යනු ලැබීම මේ ක්‍රිඩකයින් දෙදෙනාගේ ජයග්‍රහණ තවත් විශේෂ කරනු ලැබුවා.මේ දෙදෙනාම එකම පුහුණුකරු යටතේ පුහුණුවීමත් විශේෂයක්.ඒ පුහුණුකරු නිපුන නිර්මාල්.
ඒ වගෙම තමයි දුර සහ තුන්පිම්ම ඉසව් දෙකම නියෝජනය කරන මධුශානි පුහුණුව ලබන්නෙ ක්‍රිශාන්ත කුමාර යටතේ යි.තරුෂි අභිෂේකාගේ පුහුණුකරු වන්නේ බුද්ධික නුවන් වන අතර බොහෝ විට මේ පිරිස අතර තරගාවලියට පෙර මේ සුදුසුකම් ලැබීමේ කාලයත්,ලෝක කණීෂ්ඨ මලල ක්‍රිඩා සූරතාවලියේ සුදුසුකම් ලැබීමේ කාලයත් ඉක්මවා සිටින මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජයග්‍රාහක අයෝමාල් අකලංක ද මේ ආසියානු සුදුසුසන් අතරට ඇතුළ්වීමට ඉඩ තිබෙනවා.ඔහුගේ පුහුණුකරු වන්නේ අනුර බණ්ඩාරයි.


මේ අතර මීටර් 400 සහය දීවීමේ ඉසව්වේ පැවති දැඩි තරගකාරී බව තේරුම් ගැනීමට හොඳම උදාහරණයක් ලෙස මීට පෙර කණිෂ්ඨ මට්ටමෙන් ආසියානු පදක්කම් දිනා ඇති ප්‍රවීන් ජයතිලක පස්වන තැනට පැමිණීමයි.ඒ නිසාම කේවල ඉසව්ව කෙසේ වෙතත් මලල ක්‍රීඩා සංගමය මුල සිටම අදහස් කර සිටි පරිදි මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමකට ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරන්නට ලැබීම වැදගත් බව පැහැදිළියි.


එසේම මීටර් 400 ඉසව්වේ දී කාලිංග කුමාර සහ අරුණ දර්ශන යළිත් තත්පර 45 සීමාවේ ම ධාවනයේ යෙදුණ අතර අවසාන තරගයේ දී පබසර නිකූට තරගය නිමා කරන්නට නොහැකි වූ අතර නිමා කළ ක්‍රීඩකයින් හය දෙනාම තත්පර 48 ට අඩුවෙන් දිව ගියා.විශේෂත්වය වන්නේ ඉන් පස් දෙනෙක්ම තත්පර 47 ට අඩුවෙන් ධාවනය කිරිම වන අතර මූලික තරග ද සැළකිල්ලට ගනිද්දී මෑතක් වන තෙක්ම් තත්පර 50 දී අවසන් කරන අය දකින්නට ලැබුණත්,මේ ඉසව්වට ඉදිරිපත් වූ විසිදෙවාලෙන් 15 ක් ම තත්පර 50 ට අඩුවෙන් දිව තිබීමත් වැදගත්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan