කොළඹ LNW:පැතිකුදය රෝගය පිළිබඳව ලෝකයේ වැඩිහිටි ජනතාව අතර පවතින අවම දැනුම නිසා එම රෝගයෙන් දරුවන් බේරා ගැනීමට ඇති හැකියාව අවම වී ඇති බවත් එම නිසා මෙම රෝග තත්ත්වය පිළිබඳ පූර්ව වශයෙන් වැඩිහිටියන් දැනුවත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වී ඇති බව සෙරන්ඩි හා Lanka E Doc සමාගමේ සභාපති ආචාර්ය නිලූකා වැලි කළ මහත්මිය පවසයි.
ඒ අනුව පැතිකුද රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ ආසියාවේ විශාලතම හා මෙරට ප්‍රථම ජාතික මෙහෙයුම් පා ගමන හා වෛද්‍ය සායනය ඊයේ (02) කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වුණි.
අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පන්විල ආනන්ද නා හිමිපාණන්,පූජ්‍ය තිනියාවල පාලිත හිමියන්,අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති වෛද්‍ය ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ ඇතුළු ඉන්දීය හා දේශීය විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මෙම පා ගමනට සහභාගී වූහ.
ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ අනුග්‍රාහක සත්කාරය ඇතුව මෙය සංවිධානය කරනු ලබන්නේ ලංකා E doc ආයතනය බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නිලූකා වැලිකල මහත්මිය පවසන්නීය.
කොළඹ සහ ගම්පහ ජාතික පාසල් රැසක දරු දැරියන් සහභාගීත්වයෙන් ඊයේ පෙරවරු 7.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේ වටරවුමේ පැවති මෙම පා ගමන ප්‍රවාහන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද්දකි.
පා ගමන අවසානයේ නිදහස් චතුරස්‍රයේ දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් නොමිලේ සයනයක් ද පැවැත්වුණි.
මෙම පා ගමනට හා සායනයට ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ, එහි කොඳුවට පෙළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අප්පායි ක්‍රිෂ්ණන්, වෛද්‍ය විග්නේෂ් සහ ඉන්දීය හා ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු ද එක් වූහ.
මෙහිදී ආචාර්ය නිලුකා වැලිකල මහත්මිය, ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ,අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ යන අය මෙහි දී අදහස් දැක්වූහ.
