*
Monday, May 6, 2024
spot_img

Latest Posts

රනිල් ජනතා ආකර්ෂණය සොයයි – සජිත් ආණ්ඩුව පතුරු ගසයි – නාමල් ජනාධිපතිවරණයට – රත්නායක  රහස් වමාරයි – හිරුනිකාත් හරිනිට – කළුතර ගැටුම සජබ හොල්ලයි – මහ බැංකුවේ දඩබ්බරකම් පාලනයට නීති  

  • රනිල් ජනතා ආකර්ෂණය සොයයි
  • සජිත් ආණ්ඩුව පතුරු ගසයි
  • නාමල් ජනාධිපතිවරණයට
  • රත්නායක  රහස් වමාරයි
  • හිරුනිකාත් හරිනිට
  • කළුතර ගැටුම සජබ හොල්ලයි
  • මහ බැංකුවේ දඩබ්බරකම් පාලනයට  නීති  

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණයට මාස හතකි. ඒ සඳහා ජනාධිපතිවරයා තරග කරන බව නිශ්චිතව පවසා නැතත් ඔහු ඒ සඳහා බොහෝ දුරට ඉදිරිපත්වන බවට කරුණු පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරණය පවත්වන්නට බොහෝ දුරට ඉඩ ඇත්තේ ඔක්තෝබර් 5 වැනිදා බව පැවසේ. අස්වැසුම හා ඉඩම් බෙදාදීම ඇතුළු මහජනතාව වෙත ආකර්ෂණය වන නව වැඩසටහන් වලින් රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිවරයා ජනතාව වෙත සමීප වීමට උත්සාහ ගන්නා ආකාරයක් පෙනේ. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ හංසයා ගෙන්ද නැතහොත් වෙනත් ලකුනකින්දැයි තවමත් පැහැදිලි නැත. මේ අතර සමගි ජනබලවේගයේ කීපදෙනෙකු ආණ්ඩුවට එකතුවීමටද නියමිතය. එසේම පොහොට්ටුවේ මැතිඇමතිවරු පිරිසක්ද මේ වන විටත් ජනාධිපතිවරයාට සහය පලකරන බව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයාගේ අත්දැකීම් හා පරිණතභාවය ඇතුළු ඔහු ජනතාව වෙත ආකර්ෂණයකළ හැකි කාරනා මීට වඩා ඔහුගේ මාධ්‍ය හා  ප්‍රචාරක කණ්ඩායම් වලින් ජනතාව වෙතට ලබාදීම  සිදුවිය යුතුව තිබේ.  

නාමල් ජනාධිපතිවරණයට?
                                             
පොහොට්ටුවෙන් ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පක්ෂයේ  ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වන විට ඔහුට පක්ෂයේ  ඇතැම් ආසන බල මණ්ඩල වල සහයද ලැබී තිබේ. ඇතැම්විට පොහොට්ටුව මැතිවරණ වලට තරග නොකිරීම හරහා පාක්ෂිකයන් පක්ෂයෙන් ඈත්වීම වැලැක්වීම සඳහා ඔහු තරගකරනවා වන්නටද පුළුවන . පොහොට්ටුවේ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට තරග කරන බව පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්ද පසුගියදා ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් නාමල් ජනාධිපතිවරණයට තරග කිරීම හරහා පොහොට්ටුව දෙකඩවීම අනිවාර්යයෙන් සිදුවේ. දැනට ඇමතිධුර දරන බොහෝදෙනෙකු දිගටම ජනාධිපතිවරයා සමග රැඳෙන්නට ඉඩ තිබේ.

මෙරට දළ දේශීය නිෂ්පාදනයට 50%ක් සහ රැකියා නියුක්තියට 52% කට වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගණනායක් පුරා පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නැගූ බවත් එහිදී පරාටේ නීතිය හරහා සිදුවන අසාධාරණයට එරෙහිව අවස්ථා ගණනාවකදී රජය දැනුවත් කළ බවත් එහිදී බැංකු පද්ධතිය ආරක්ෂා වන ආකාරයට පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන ලෙස රජයෙන් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස දෙසැම්බර් මස වන තුරු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළත් රජය ගත් ඒ තීන්දුවට බැංකු පද්ධතිය ප්‍රතිචාර දක්වා නොමැති බවක් පෙනෙන්නට ඇති බවත් තවමත් ව්‍යාපාර වෙන්දේසි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පැවසීය. 

රජය පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කළ බව බැංකු පද්ධතිය දැනුවත්කළේ ද සහ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සදහා පියවර ගත්තේද කියා ප්‍රශ්න කර සිටින බවත් රජය පරාටේ නීතිය අහෝසි කළත් අදටත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර අදටත් වෙන්දේසි වන බවත් ඒ සම්බන්ධ දැන්වීම් පුවත්පත්හි පළ වන බවත් ඔහු  පැවසීය.

රජය යම් තින්දුවක් ගත්තෙ නම් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලය රජයට ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන්න බැරි නම් රජයේ ක⁣ශේරුකාව ශක්තිමත් නැති බවත් එමනිසා වහාම මෙම තීන්දුව සම්බන්ධයෙන් නිසි රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය ආයතන දැනුවත් කර එය රටේ ප්‍රතිපත්තියක් බවට පත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රජ⁣ය එසේ කටයුතු නොකරන්නේ නම් මෙයත් හුදු දේශපාලන නාටකයක් ලෙස සැලකීමට සිදුවන බවත් එම නිසා⁣ මේ මැතිවරණ වසරේ මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකර මෙය බලාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  වැඩිදුරටත් පැවසීය.

බිංගිරියේ හිටපු සංවිධායක සමගි ජන බලවේගයට එක්වෙයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසනයේ හිටපු සංවිධායක සෝමසිරි ගුණතිලක  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  හමු වී ඔහුට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  විසින් බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයට සක්වල බස්රථ වැඩසටහනේ 83 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක බස් රථයක් ලබා දීමට ගිය අවස්ථාවේදීය.
කලක් ගුරු වෘත්තියේ නියැලී ඇති ඔහු  පසුව වයඹ පළාත් සභාවේ සභානායකවරයා ලෙස, වයඹ පළාත් සභාවේ හිටපු උප සභාපතිවරයා මෙන්ම වයඹ පළාත් සභාවේ හිටපු උපදේශකවරයකු ලෙස ද කටයුතු කර තිබේ.
සෝමසිරි ගුණතිලක  හිටපු වන සම්පක් හා පරිසර රාජ්‍ය අමාත්‍ය මුනිදාස ප්‍රේමචන්ද්‍ර ගේ සහෝදරයාද වේ.

අනුර ජනාධිපති වෙලා විධායකය අහෝසි කරනවා..

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  සඳහන් කරයි.

තම ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් සම්මාදනය කර විධායක ජනාධිපති ධුරයද අහෝසි කිරීම ද සිදු කරන බවද ඔහු පැවසීය.ඉදිරි මැතිවරණ පරාජය පිළිබඳව බියට පත්ව ඇති පාලකයන් විවිධ උපක්‍රම භාවිතා කිරීමට පටන් ගෙන ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.ඉදිරි ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් වුවද එය ජාතික ජන බලවේගයට අභියෝගයක් නොවන බවද ඔහු  තවදුරටත් සඳහන් කළේය.


හිරුනිකාගේ තේරීම හරිණි  අමරසුරිය?

ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  පසුගියදා පවසා තිබුනේ කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.

“අනුර කුමාර දිසානායකට තියෙන්නේ භයානක කිලුටු අතීතයක්. හරිනිට එහෙම නැහැ. ඇයට හොඳ දේශපාලන ගමනක් තියෙනවා. පක්ෂයේ ජනපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න ඕනෑ ඇයයි.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා තීරණය කරනු ඇත්තේ ඔවුන්ගේ පක්ෂයයි.එය අනෙකුත් පක්ෂ වලට තීරණයකළ නොහැක. එහෙත් අද වන විට ජාතික ජනබලවේගයේ තීරණාත්මක බලවේගය බවට පත්ව සිටින්නේ කාන්තාවන්ය.එම නිසා හිරුනිකාගේ කතාව එම කාන්තාවන් තුළ පවා කිසියම් පිබිදීමක් ඇති කරනු ඇත. කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක සේම හරිණි අමරසූරියද අද වන විට රට තුළ ප්‍රබල ජනප්‍රිය චරිතයකි.

සජබ කළුතර ගැටුම

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් අතර ඇති ගැටුම දිගින් දිගටම යනු පෙනේ.  පසුගියදා බුලත්සිංහල සංවිධායක   ප්‍රසන්න අමරසේකර   විනය කැඩීමේ චෝදනා මත  ඉවත් කරන ලද අතර මතුගම සංවිධායක ජගත් විතාන  ඉල්ලා අස්විය. ජගත් ඉල්ලා අස්වූයේ දෙවන වරටය. මීට පෙර පසුගියවර පක්ෂය පරාජය වූ අවස්ථාවේ ඉල්ලා අස්වූ ඔහු මෙවර නැවත පක්ෂයට එක්ව ඇත්තේ ගොටාභයගේ නික්මයමෙන් පසුවය.

ප්‍රසන්නට ඇති චෝදනාව අවසරයකින් තොරව  අනුන්ගේ ආසන වල බඩු බෙදීම හා දේශපාලන කටයුතු වල නිරත වීමය. ප්‍රසන්නගේ ව්‍යාපාර සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රශ්නකළ ද ප්‍රසන්න පවසන්නේ තමන් මැණික් ව්‍යාපාරිකයකු බවය. තමන්ගේ ජනප්‍රියතාවය ඉවසන්නට බැරි පිරිස් තමුන්ට චෝදනා කරන බව ප්‍රසන්න ශ්‍රීලංකා ක්‍රිකට් කළුතර දිස්ත්‍රික් සභාපතිවරයාද එහි බස්නාහිර  පළාත් උපසභාපතිවරයාද වෙයි.

ඩොලරය අඩුවෙද්දී කෑම මිල ඉහළට

ආපනශාලා ආහාරපානවල මිල ගණන්  යලිත් ඉහළ දමා තිබේ. සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10 කින්ද කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්ද ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින්ද වශයෙන් මිල ඉහළ යනු ඇති බව සඳහන්ය.

ඩොලරයේ අගය පහළ යමින් තිබියදී ආහාර ද්‍රව්‍ය මිල වැඩි වීම බරපතල තත්වයකි.
එක පැත්තකින් ව්‍යාපාරිකයන් අයුතු ලාභ උපයමින් සිටිති.  මේ තත්වය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් කිසිදු ධනාත්මක මැදිහත්වීමක් නොමැත. භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය මත පදනම්ව සාධාරණ ලාභයක් තබාගෙන ව්‍යාපාර සිදු කරන්නට මෙවන් අසීරු කාලයක හෝ ව්‍යාපාරිකයන්  කටයුතුකළ යුතුව තිබේ. අනෙක් අතට මුදල් අමාත්‍යංශය සහ  වෙළඳ අමාත්‍යංශය එවැනි තත්වයන් සම්බන්ධයෙන් කිසියම් නිසි වැඩපිළිවෙලක් ගැනීමේ අවශ්‍යතාව දැඩිව පවතී.

රටේ සාමාන්‍ය  ජනතාව පත්ව ඇති බරපතල අසීරුතාවයන් සම්බන්ධයෙන් රටේ ප්‍රධාන තනතුරු දරන බොහෝදෙනෙකුට කිසිදු වැටහීමක් නැත.

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම පාලනය කරන්නට නව නීති.

අපේ රටේ වැඩිම ලාභ ලබන ව්‍යාපාර ගතහොත් ඉන් බහුතරයක් බැංකු හා මූල්‍ය ආයතන වේ. මෙය බරපතල තත්වයකි. ලොව කිසිදු රටක් බැංකු හෝ මූල්‍ය ආයතන වලට මේ ආකාරයෙන් ලාභ ලබන්නට ඉඩ දෙන්නේ නැත. එය නීති රීති වලින්ම පාලනය කර තිබේ. ශ්‍රීලංකා මහා බැංකුව මේවා පාලනය කරනු වෙනුවට හොර රහසේ තමන්ගේ වැටුප් වැඩි කරගනිමින් සිටී. ලොව වෙනත් රටක නම් මෙවැනි කටයුතු සිදු කර හසුවූ විට මූල්‍ය මණ්ඩලය හෝ මහා බැංකු ප්‍රධානීන් ඉල්ලා අස්වේ. එසේත් නැතිනම් ඉවත් කරනු ලබයි. එහෙත් අපේ රටේ එසේ නැත. රටේ ආර්ථිකය කඩා වැටීමට ඍජුව මහා බැංකුව වගකිවයුතුව තිබේ. එසේ තිබියදී රටම අපහසුවට පත්ව තිබෙන අවස්ථාවක හොර රහසේ ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගැනීම මහපොළොව නුහුලන අපරාධයකි. මේ ආර්ථික ඝාතකයන්ට අනාගත රජයකදී හෝ නව නීතිරීති ගෙනවිත් හෝ දැඩි දඬුවම් පැමිණවිය යුතුමය. රට හැරගොස්  සිටින මහබැංකු නිලධාරීන්ටද මේවා අදාළ විය යුතුය. මහජනතාව අපහසුවට පත් කරන බැංකු හෝ මූල්‍ය ආයතන ගැන , අසාධාරණ බැංකු ගාස්තු ගැන මහා බැංකුව කිසිදු සාධනීය පියවරක් ගෙන නැත. පුද්ගලික බැංකු හෝ මූල්‍ය ආයතන අධීක්ෂණය කරන නිලධාරීන් අදාළ  බැංකු කටයුතු සොයා බැලීම මහජන පැමිණිලි වලට ඍජු මැදිහත්වීම , නිශ්චිත කාලසීමාවක් තුළ අදාළ පියවර ගැනීම කිසිවිට සිදු වන්නේ නැත. මහ බැංකුවේ  හෝ මුදල අමාත්‍යංශයේ නිලධාරීන් මාධ්‍ය සංදර්ශන පවත්වනවා හැර තමන්ගේ වගකීම් ඉටුකරන්නේ නැත. තමන්ට වැඩ කරන්නට බැරිනම් තීරණ ගන්නට බැරි නම්කළ හැකි අයෙකුට ඉඩදී තමන් ඉවත්විය යුතුව තිබේ. කෙසේ වෙතත් රජය මේ වන විට ශ්‍රීලංකා මහා බැංකුව ඇතුළු රාජ්‍ය ආයතනවල වැටුප් සිතු මතයට වැඩිකළ නොහැකි පරිදි  නව පනත්  ඉදිරිඋ දිනවලදී ගෙන ඒමට නියමිතය.

සමන් රත්නායක අත්අඩංගුවට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක  රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීම මේ සතියේ සිදුවූ ප්‍රධානතම සිදුවීමකි.

හදිසි මිලදී ගැනීම් වලට පද්ධති වෙනස් කිරීම

අදාළ සිද්ධිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ  ගැටළු ගණනාවකට වගකිවයුතු පාර්ශවයක් මෙසේ අත්අඩංගුවට පත්වීම සැලකිය යුතු තත්වයකි. ප්‍රබල දේශපාලන සම්බන්ධතා නිසා සමන් රත්නායක අත්අඩංගුවට නොගන්නා බවට බොහෝ දෙනා තුළ සැකයක් පැවතිනි. පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන  සමයේ    චන්න ජයසුමන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින්   2022 මැයි  මාසයේදී කෝප් කමිටුවට ගොස්  අසත්‍ය ප්‍රකාශකළ මොහු   පුද්ගලික මාධ්‍ය නාලිකා වෙත ද ගොස්   එවැනිම අසත්‍ය ප්‍රකාශ නිකුත්කළ බව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසයි.

ඉන්පසුව එතෙක් පැවති  ක්‍රමවේද හා මෘදුකාංග වෙනස් කර ඖෂධ බෙදාහැරීමේ පද්ධතියට අදාල මෘදුකාංගය ඉවත් කරන ලද්දේ ඒ හරහා හදිසි මිලදී ගැනීම් වලට ඉඩ සලසා ගනිමිනි. මේ සඳහා නව මෘදුකාංගයක් සවිකළද තවමත් එය ක්‍රියාත්මක වන්නේ නැත.

කෙසේ වෙතත් තවමත් අභිරහසක් වන NMRA ආයතනයේ දත්ත මකා දැමීමේ සිද්ධිය හා මෙම නඩුවේ පාර්ශවකරුවන් අතර සම්බන්ධයක් තිබේදැයි මෙම පරීක්ෂනවලදී සොයා බැලීම සුදුසුය.

ලන්සා කණ්ඩායම සාර්ථකව ඉදිරියටම

නිමල් ලන්සාගේ නව සන්ධානයේ දෙවන මහජන රැලිය කොලඹ හයිඩ්පිටියේදී විශාල ජනකායකගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා පැවැත්විණි.ඒ සදහා නොසිතූ විරූ පිරිසක් එක්වීම ගැන කාගේත් කතාබහට ලක්විය.

ඒ අතර නව සන්ධානයේ මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා සහ එහි නිර්මාතෘ නිමල් ලාන්සා මහතාද වරින් වර පක්ෂ කාර්‍යාලයේ නිලධාරීන්,වෘත්තීය  සමිති නියොජිතයින් කැදවා රැලිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමද විශේෂත්වයක් විය.

ඊට අමතර එදින නව සන්ධානයට එක්වු කොලඹ දිස්ත්‍රික් පලාත් පාලන මන්ත්‍රීවරුන් 58 දෙනාද සමගද රැලියෙන් පසුව ඉදිරි දේශපාලන කටයුතු පිලිබදවද දීර්ඝ ලෙස කතාබහ කළහ.

මෙම රැලියේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වූයේ නව සන්ධානයේ වැඩපිලිවෙල විශ්වාස කරමින් රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක සහ සුදත් මංජුල එදින රැලියෙදී වේදිකාවට ගොඩවීමයි.

රැලිය පටන් ගැනීමට මත්තෙන් අනුර යාපා,සුසිල් ප්‍රේමජයන්ත්,නලින් ප්‍රනාන්දු,නිමල් ලාන්සා,සුදත් මංජුල,උදයකාන්ත ගුණතිලක සහ හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය යන මැති ඇමතිවරුන් ඒ ආසන්නයේ හෝටලයක කෝපි කෝප්පයක රසබලමින් ආගිය තොරතුරු සහ වත්මන් දේශපාලන කරුණු කාරණා ගැන කතාබහ කරමින් සිටියහ.
“ඇමතිතුමා ඉරිදා ගම්පහ රැස්වීමක් තියනවා නේද මාලිමාවේ,මට මේ දැන් කෝල් එකක් ආවා අපේ නැන්දා කෙනෙක්ගෙන් කෑගල්ලෙනුත් කට්ටිය එනව කියල”සුදත් මංජුල ලන්සා දෙස බලමින් කීවේය.

“මටත් කීප දෙනෙක් කතාකලා ගමේ කාන්තා සමිතියට බස් එකක් දෙනවලු කැලණියෙ වදින්න කියලා’ඒ යන ගමන් ගම්පහින් බස්සනවලු”මන්ත්‍රිවරයෙක් සිනා සෙමින් කීවේය.
“ඔව් ඔව් කෑගල්ලෙන් විතරක් නෙමෙයි ලංකාව වටෙන්ම ගෙන්නනවා” ලන්සා සිනාසෙමින් කීවේය.

අගමැති උපන් දිනය සමරයි.

අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ජන්ම දිනය පසුගියදා යෙදී තිබිණි.
ඒ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන , බන්දුල ගුණවර්ධන ,ටිරාන් අලස් ආදී ඇමැතිවරුද සහභාගිවී සිටියහ. රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු විය.

විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශකළ බව මාතර තානායමේ කලමනාකරු පැවසීය.

කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබුණි.දැඩි බියට ද ඔවුන් පත්ව තිබුණේය.

ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු විය.පිගන් කෝප්ප ද කුඩු වී තිබුණේය.බාර් එකේ වහල ගැලවී ගොස් තිබු අතර රෙස්ටොරන්ට් එකේ උලු කැට ගැලවී ගොස් තිබුණි.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan