*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඩිජිටල් වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW): හෙට (4) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවා ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටී.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කළේ , හෙට සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවා ලබා ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ,

“ලබන සඳුදා සිට ඒ කියන්නේ මාර්තු 4 වන දා ඉඳලා අපේ ලංකාවේ තියෙන සියලු ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති කාර්යයන් ඉටුකරන කාර්යාලවලට පැමිණෙන සියලු ම සේවාලාභීන් අනිවාර්යයෙන් ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන්කර ගෙන අදාළ කාර්යය සඳහා පැමිණීම අනිවාර්ය වෙනවා. මේකට ස්වයංක්‍රීය දුරකතන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකතන අංකය වෙන්නේ 2 117 116 කියන එක. තමන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකතන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. ඇතුළත් කරා ම ඔබතුමාලට සෑම කෙනෙකුට ම ඔබතුමාලාගේ තියෙන දුරකතන අංකයට කෙටි පණිවුඩයක් හම්බවෙනවා අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා. ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා, www.dmtappointments.dmt.gov.lk කියලා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan