*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ඇමරිකාවේ ගිනි අවි ඛේදවාචකය ගැන ඇස් ඇරෙන්න කේටි පෙරී අඬනකම්ම ඉන්න වුනා !

ඔබට මතක ඇති ඒ ගෙවුණ අතීතය.. ගිනි අවියකට බිලි දුන් ජීවිත ගණනක ඛේදවාචකය…

අදටත් එහි ඇත්ත නැත්ත මෙන්ම ඒ පිළිබඳ ගත් කිසිඳු සාධාරණ විසඳුමක් පෙනෙන්නට නොමැති වකවානුවක ලොවක් දන්නා ගැයුමෙන් රැඟුමෙන් උපන්හපන් කේටි පෙරීගේ ඇස් තෙමෙන්නට ගන්නේ හරි අහම්බයෙනි.

ඉකුත් ඉරු දින පැවති වැඩසටහනකට ටෙක්සාස් හි සැන්ටා ෆේ හි උපන් 21 හැවිරිදි ට්‍රේ ලුයිස් නම් කොලු ගැටයෙක් සහභාගී විය. විස්කි මයර්ස් විසින්ගායනා කරන ලද “ස්ටෝන්(Stone)” නම් ගීතය ගායනා කිරීමත් සමඟින් විනිසුරුවන් වන පෙරී, ලූක් බ්‍රයන් සහ ලයනල් රිචී යන අයගේ ආකර්ෂණය ලබාගැනීමට ඔහු සමත් වූ අතර 2018 දී සිසුන් අට දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මිය ගිය සැන්ටා ෆේ හි පාසලේ ඇති වූ වෙඩි තැබීමකින් තමා දිවි ගලවාගත් බව පිළිබඳව ද මෙහි දී ඔහු සිහිපත් කිරීමට අමතක නොකළේය.

එයට අපූරු ඩ්‍රාමාටික් දුකක් පෙන්නූ කේටි පෙරී ශබ්ද නඟා දෙවනත් වෙන්නට ඇඩූ හැටියෙන් සියලු දෙනා අන්දුන් කුන්දුන් විය. ඇය හඬා වැටුනේ ඇයි? සියලු දෙනාටම ඇති වූ පැනයකි.

“මම පළමු චිත්‍ර කාමරයේ සිටි අතර, ඔහු දෙවන චිත්‍ර කාමරයෙහි වෙඩි තැබුවේය,” ලුයිස් හැඟීම්බර වූ අතර ඔහුට “මිතුරන් ද ගොඩක් අහිමි වූ” බව පැවසීය.

Santa Fe උසස් පාසලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් Dimitrios Pagourtzis නමැති තුවක්කුකරුට ඝාතන චෝදනා එල්ල විය. නමුත් ඔහු තවමත් නිදැල්ලේ ය.

ලුවීගේ කතාව ඇසූ කේටි පෙරී කඳුළු සලමින් ඇය ඉදිරිපිට ඇති මේසය මත හිස තබා දෙවනත් වෙන්න හැඬුවේ, “අපේ රට අපව ෆේල් කර ඇත!” යන්න පවසමිනි.

ඔබ මෙහි ගායනා කළ යුත්තේ ඔබ සංගීතයට ඇලුම් කරන නිසා මිස ඔබට ඒ දෙය අත්විදීමට සිඳු වූ නිසා නොවේ. ඔබ මිතුරන් අට දෙනෙකු අහිමි විය යුතු කෙනෙකුත් නොවන බවත්, ඔබ ඒ පිළිබඳ දන්නා නිසා ඔබ ඒ ගැන මිනිසුන්ට මතක් කර දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි’යි කේටි හඬ නඟා කීය.

කාටවත් මතකයේ නොවුන ඒ ඛේදනීය තත්ත්වය සහ යටගියාව කේටි ගේ හඬා වැටීමත් සමඟ නැවත අළු යට තිබූ ගිනි පුපුරක් මෙන් මේ වනවිට කරළියට ඇවිත් තිබේ.

කේටිගේ අඩ වැඩියාවවත් ලුයිස්ගේ ට්‍රික්ස් ගැනවත් මේ මොහොතේ සිතිය යුතු නැත. නමුත් ඒ පිළිබඳ ඉහත සිඳුවීම හාරා බැලුවේ මීට මුල පිරීමක් වශයෙනි. “ගිනි අවියක්” ? ඔව් ගිනි අවියක්! බැලූ බැල්මට මේ වචනයෙහි බරපතලකම ගානකට නොගන්නවා නම් එය ඇත්තෙන්ම මනෝ විකාරයකි. ගිනි අවියක් යනුසෙල්ලම් බඩුවක් වත් විනෝදයට අතින් අතට මාරු වන භාණ්ඩයක්වත් නොවේ. ඒත් ඇමෙරිකාව වගේ රටවල අද වන විට මෙය සෙල්ලම් බඩුවක් වීහමාරය. ගිනි අවියකින් සිදුවන මරණයක් ඔවුන්ට ඒ තරම් සුලුපටු කාරණයකි.

වසර ගණනාවක් පුරා යටගියාවක් වූ මේ මාතෘකාව අද වන විට කාගේත් කතාබහට ලක් වී තිබේ. ඇමෙරිකාවේ වර්ධනය වෙමින් පවතින වෙඩි තැබීම්සංඛ්‍යාවේ ප්‍රතිඵලයක් ලෙස, කාර්මික රටවල් බහුතරයක ද දැඩි ගිනි අවි පාලන නීති රෙගුලාසි ඇති බව උපුටා දක්වමින් එවැනි නීති සම්පාදනය කරන මෙන්යෝජනාවන් බොහෝ පුරවැසියන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටී. අනෙක් පසෙකින්, දැඩි තුවක්කු පාලන නීතිවලට විරුද්ධ වන අය පවසන්නේ ගිනි අවි හිමිකර ගැනීම ඔවුන්ගේ අයිතියක් බවත්, මෙම ගිනි අවි ආත්මාරක්ෂාව සඳහා තීරණාත්මක බවත්ය.

2022 වසරෙහි ද්විපාර්ශ්වික ගිනි අවි ආරක්ෂණ පනත් කෙටුම්පතක් තුළින් දශක තුනකට ආසන්න කාලයකදී ගිනි අවි භාවිතය පිළිබඳ නීති සම්පාදනය කිරීමක් සිදු විය. මෙම පනත් කෙටුම්පත මගින් සිදු කළේ වයස අවුරුදු 18 සහ 21 අතර ගිනි අවියක් අත දැරීම සඳහා පසුබිම් පරීක්ෂාවන් පුළුල් කිරීමකි.

මෙය ගිනි අවි ප්‍රචණ්ඩත්වයට එරෙහි සටනේ ඉදිරි පියවරක් වුවද, ඇමරිකාව තවමත් හිටපු තැනමය.

හොඳම කතාව නම්, ෆ්ලොරිඩාවෙහි අමුතු පනතක් හඳුන්වා දීමයි. මෙම පනත සම්මත වුවහොත්, “අවසරයකින් තොරව හෙවත් බලපත්‍රයකින් තොරව ඕනෑම තැනකට ගිනි අවියක් රැගෙන යාමට මිනිසුන්ට ඉඩ ලබා දෙන” බවක් සඳහන්‍ ය. මෙලෙස සිතූ සිතූ පරිදි ගිනි අවි රැඟෙන යාමට දෙන 26 වන ප්‍රාන්තය බවට මෙසේ සිදු වුවහොත් ෆ්ලොරිඩාව පත් වනු ඇත. ඒත් පනතක් ආවත් නාවත් ඔවුන්ට ඒවා ගානක් නැත.

පාසල ද පල්ලිය ද මහ පාර ද ඔවුන්ට අදාළ නැත. මරන්න හිතුනොත් වෙඩි තිබ්බා ගෙදර ගියා! හරිම සිම්පල් සීන් එකක් එයාලා ගෙනියන්නේ කීවොත් මා නිවැරදි ය.

දැන් ඒ රටේ ජීවත් වෙන ඔක්කොටම මේක අමුතු භයානක සිද්ධියක් ලෙස නොපෙනෙන්න තරම් ඔවුන් අන්ධ වෙලාය. කේටිගේ කඳුළු කතාව පිටිපස තිබුනේ දරට අපිව ෆේල් කරා කියලා ය.නමුත් රට නෙවෙයි රටේ ඉන්න මිනිස්සු මේ දේවල් තේරුම් ගත යුතු ය.

දැන් වෙබ් අඩවි වලයි, පත්තර පෙරලෙන්නයි, ගොසිප් සයිට් කළඹන්නයි කේටිගේ අඩවැඩියාව අල්ලගෙන නිව්ස් ගැහුවට සහ ඒ එක්කම ගිනි අවි භාවිතය සම්බන්ධ නොයෙකුත් කතා කරළියට ආව ද ඕවා අමතක වෙන්න යන්නේ තව දින කීපයකි. මේ ගැන මතක් වෙන්න කේටි අඬනකන්ම ඉන්න උනා නේ! අනේ අනිච්චං!

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan