ජනාධිපතිගේ දුරදර්ශී විශිෂ්ට වැඩපිළිවෙල නිසා ජනතාවගේ ආහාර වියදම සීඝ්‍රයෙන් පහත බසිනවා: ජීවන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරදර්ශී විශිෂ්ඨ වැඩ පිළිවෙල  හේතුවෙන් මෙරට ජනතාවගේ ආහාර වියදම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පැවැසීය.

2022 වසරේ මෙරටේ ආහාර හිඟය සියයට 64.4 ක් ලෙස වාර්තා වුවද, එය මේ වනවිට 60.1 දක්වා පහත වැටී ඇති බවත්, එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිණත මෙන්ම විශිෂ්ඨ නායකත්නය නිසා සිදුව ඇති බවද හෙතම කීය.

උඩරට වතුකරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල රැකවරණ ලබන දරුවන්ට පෝෂණය ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා අද (01) එසේ කීය.

මෙහි සමාරම්භක උත්සවය නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩී රාමේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පුඬළුඔය, පෙයාලන්ස් වත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඊට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා එසේ කීය.

එහෙදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

උඩරට වතුකරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන 1300 ක් පමණ තිබෙනවා. බාල වයස්කාර දරුවන් 23000 ක් පමණ ඒවායේ සිටිනවා. එම පිරිස ඉලක්ක කර ගනිමින් අපේ අමාත්‍යංශය යටතේ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැළැසුම් කොට තිබෙනවා. මන්ද පෝෂණය කඳුකරයේ දරුවන් අතර තිබෙන ප්‍රබල ගැටළුවක්. ඒකට විසඳුම් විදිහට තමයි අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත්තේ.

මෙරටේ උද්ධමනයද විශාල ලෙස අඩු වෙමින් පවතිනවා. සියයට 57.4 ක් වු උද්ධමනය මේ වනවිට 54.4 ක් ලෙස අනුපාතය අඩුව තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේදී මෙරට භාණ්ඩ මිළ විශාල ලෙස අඩු වේවී යයි කියා අපේක්ෂා කරනවා. ආහාර උද්ධමනය ඉහළ යාම කඳුකරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කොට තිබෙනවා. එබැවින් මෙම වැඩපිළිවෙල ඔවුන්ට යම් සහණයක් ගෙන දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුව සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශය මෙම පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදුන් සහයෝගයට ජනතාව වෙනුවෙන් මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා.

උඩරට වතුකරයේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මාස හයක කාලයක් ක්‍රියාත්මක කරනවා යයි කීවාට එය මෙරටේ ස්ථිර වැඩසටහනක් බවට පත් කිරීමට මා උත්සාහ ගන්නවා. මෙම වැඩසටහන සාර්ථක කරගෙන යාමට අවසර ලබාදුන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ පරිපාලන වශයෙන් සහාය දැක්වු සියලුම දෙනාට මම ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා  යයිද පැවැසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...

හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...