රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත්කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

0
552

රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙහි ලේකම්වරයා වශයෙන් කේ. ජී. විජේසිරි මහතා පත්කර ඇත.

එසේම එස්. ඩී. පාඬිකෝරාල මහතා උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙහි ලේකම්වරයා වශයෙන් පත් කර ඇති බව එම ගැසට් නිවේදනයෙන් දැක්වේ.

මෙම පත්වීම් 2022 පෙබරවාරි 18 වනදා සිට ක්‍රියාත්මක වන බවයි එම ගැසට් නිවේදනයෙහි සඳහන් වන්නේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here