*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අර්බුද වහගන්න IMF යන එක හිතන තරම් ලේසි වැඩක්ද? (VIDEO)

රට තුළ පවතින මූල්‍ය අස්ථායී බව හේතුවෙන් මතුව තිබෙන ආර්ථික අර්බුදයට වහා පිළියම් යෙදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත යුතු වන බවට බොහෝ පාර්ශව අවධාරණය කරමින් පැවතියද තවදුරටත් රජයේ ස්ථාවරය ලෙස පවතින්නේ අර්බුදයන් දේශීය යාන්ත්‍රණය තුළම විසඳා ගැනීමට උත්සහ දැරිය යුතු වන බවයි.

විශේෂයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිගින් දිගටම අවධාරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට අවශ්‍ය නොවන අතර දේශීය වශයෙන් ආයෝජන අවස්ථා වැඩි කරමින් IMF යාම හැර වෙනත් උපාය අමර්ග ඔස්සේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගත යුතු වන බවයි.

විශේෂයෙන් ඩොලර් සංචිත අවප්‍රමාණය වීම මත පැන නැගී ඇති මූල්‍ය අස්ථාවරභාවය යළි ගොඩනැගීම වෙනුවෙන් සංචාරක කර්මාන්තය,විදේශ ප්‍රේෂණ නිල බැංකු පද්ධතිය හරහා රටට ගෙන්වා ගැනීම,අපනයන කර්මාන්තයන් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති මොහොතක තවත් පසෙකින් බොහෝ දෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොගැනීම ගැන අප්‍රසාදය පළකරමින් ඇති තත්ත්වයක අපි සැබෑ ලෙසම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත යුතු වෙනවාද? නත්නම් අපට දේශීය යාන්ත්‍රණයක් තුළ කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය ගොඩනගා ගැනීමට නොහැකි ද යන්න පිළිබඳ විමසීම සඳහා අවධානය යොමු කරන ලදී.

මේ අතර තුර අද දවස වන විට ණය ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇති බවට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව සමග පැවැත්වූ උපදේශන ක්‍රියාදාමය අවසානයේ සිය නිගමන ඉදිරිපත් කරමිනි.

ණය කළමණාකරණය,ක්ෂුද්‍ර මූල්‍ය ස්ථායිතාව සහ දිළිඳුකම තුරන් කිරිමට අදාළව රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේදී ශක්තිමත් පියවර ගත යුතු බවත් රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙසත්, දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන ය යුතු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබේ.

තරුණ විරැකියාව අඩු කිරිම,දූෂණය පිටුදැකීම මෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමණාකරණය විධිමත්ව පවත්වාගෙන යා යුතුවීමද ඔවුන් පෙන්වා දී ඇත.

මේ අනුව ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා යම් දිශානතියකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය සාමාජික රටක් වන ශ්‍රී ලංකාව යොමුකර ඇති බව දැක්විය හැකිය.

කෙසේවෙතත් අප රටක් ලෙස ඉතිහාසය පුරා මතු වූ ආර්ථික අර්බුද හමුවේ අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගෙන තිබෙන නමුත් තවදුරටත් අපට ආර්ථිකය ස්ථාවර කරගැනීමේ හැකියාවක් නම් ලැබී නැත.

එහෙයින්ම මේ මොහොතේ අප රටක් ලෙස කළ යුතු වන්නේ කුමන ක්‍රියාවලියකට යොමුවීමද යන්න පිළිබඳ මෙම විෂය සම්බන්ධයෙන් නිරන්තර සංවාද මතුකරන ඇඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතාගෙන් යම් සංවාදමය ඇරඹුමක් ලබා ගත්තෙමු.

මේ අතර Advocata ආයතනය විසින්ද මේ සම්බන්ධයෙන් විග්‍රහාත්මක වීඩියෝවක් සකස් කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan