*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

සජබ රජයක් යටතේ තොරතුරු තාක්ෂණය 1 සිට 13 දක්වා අනිවාර්ය විෂයයක් කර ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වනවා – සජිත්

අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ප්‍රධාන කුළුණු 3 වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පැවතියත් නාමිකව පමණක් ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන බවත් අද වන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් දූෂිතයෝ රකිමින් හොරකම, අල්ලස හා වංචාව ආරක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මීට මාස කිහිපයකට පෙර බාල බෙහෙත් ජාවාරම්කාර ක්‍රියාදාමය ගැන සත්‍ය තොරතුරු අනාවරණය වූ පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ඔහුව ආරක්ෂා කරන්න ආණ්ඩුවේ 113ක් අත ඉස්සූ බවත් රට පාලනය කරන ජනාධිපති ඔහුව රකින්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට සමගි ජන බලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ වැදගත්කම පෙනී යන බවත් අධිකරණය විසින් පොලිමට මේ හොරු අල්ලා ඔවුන්ට විරුද්ධව නඩු ක්‍රියාත්මක කරමින් මේ දුෂිත වංචනික ක්‍රියාවලට වගකිවයුතු අය දැන් හෙළිදරව් වුවත් පාර්ලිමේන්තුවේ මේ හොරුන්ව ආරක්ෂා කිරිමට බහුතරයක් පෙරට ආ බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 115 වැනි අදියර යටතේ හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල වෙනුවෙන් මීට පෙර ද බටහිර තූර්යවාදක කණ්ඩායමේ ඇඳුම් කට්ටලය සහ බස් රථයක් ලබා දීම ද සිදු විය. මීට අමතරව පාසලේ නර්තන කණ්ඩායම වෙනුවෙන් ඇඳුම් කට්ටල ලබා ගැනීමට අද දින රුපියල් ලක්ෂයක පරිත්‍යාගයක් ද සිදු කළේය.

එක පවුලක් රට සින්නක්කරව ලියා ගත් නිසා අපි ලෝකෙටම ණය කාරයෝ වුණා

ප්‍රතිලාභ නොබලන, රටට ඵලදායී නොවන ව්‍යාපෘති වෙනුවෙන් මහා අධික ණය ලබා ගැනීම හා දූෂණය වංචාව හොරකම මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීම නිසා අපේ රට ඩොලර් බිලියන 90ක් ණයකාරයෝ වී ඇති බවත් වැඩිපුර වැට් බදු, ආදායම් බදු ගෙවීමට හේතු වූ ඇත්තේ එක පවුලක් රටේ සම්පත් හොරා කා රටේ සම්පත් විනාශ කර තමන්ට රිසිසේ ගනුදෙනු ක්‍රියාත්මක කිරිම බවත් සමගි ජන බලවේග රජයක් යටතේ රට විනාශ කළ මේ පුද්ගලයන් විනිවිදභාවයෙන් යුක්තව අධිකරණය හමුවට ගෙනවිත් ඔවුන්ට දඩුවම් ලබා දී එම සම්පත් නැවත රටට ගෙන එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි තවමත් රට යවන්නේ ගෘහ සේවිකාවෝ විතරයි

අපේ රට තවමත් වැඩිපුරම විදේශ රැකියා ක්ෂේත්‍රයට යවන්නේ ගෘහ සේවිකාවන් වුවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිලිකන් වැලි එකට මෘදුකාංග ඉංජිනේරුවන් ලෙස යන්නේ ඉන්දීය ජාතිකයන් බවත් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ විප්ලවය වේගවත් වීම නිසා ඒ තත්ත්වය ඇති වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කවුරු පාරට බැස්සත් මට වැදගත් රටේ දූදරුවන්

තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශ සකස් කරන විට ඉන්දියාවේ කිසිම පුද්ගලයෙක් විප්ලව සිදු කරමින් පාද යාත්‍රා නොගියත් අපේ රටේ අලුත් දෙයක්, හොද දෙයක් කරන විට, වැදගත් දෙයක් හා නූතනවාදී දෙයක් කරන විට මහපාරට බැස විප්ලව කරන බවත් සමගි ජන බලවේග රජයක් තුළ කවුරු පාරට බැස්සත් තමාට වැදගත් වන්නේ රජයේ පාසල් 10126 ඉගෙනුම ලබන දූදරුවන් 41 ලක්ෂය බැවින් දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටේ ඩිජිටල් විප්ලවයක් සිදු කරන බවට පාලකයෝ කෑ මොර දුන්නත් අප රටේ පරිගණක හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සිදු කරන්නේ 6-13 බවත් 1-5 සිසුන්ට කිසිදු ඉගැන්වීමක් සිදු නොකරත් සමගි ජන බලවේග රජයක් තුළ තොරතුරු තාක්ෂණය 1-13 දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බොරු විප්ලවවාදීන් කෑ ගැහුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නවත්වන්නේ නැහැ

පෝසත් පවුල්, ප්‍රභූ පවුල්, ඇතිහැකි පවුල්, දේශපාලනඥයන්ගේ ළමයි යන්නේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට බවත් මෙම ජාත්‍යන්තර පාසල් හා රාජ්‍ය පාසල් අතර විශාල පරතරයක් ඇති නිසා එය නැති කළ යුතු බවත් කවුරු මොන බොරු විප්ලව සිදු කළත් මේ දැවැන්ත අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ නතර කළ නොහැකි බවත් එය නතර කළ හැකි එකම පාර්ශ්වය මහජනතාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාව ඉල්ලූ ක්‍රමයේ වෙනස අපි දුන්නා

රටම ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන බැවින් එම ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය මේ වන විටත් පෙන්වා ඇති බවත් බලයක් නොමැතිව රටටම වැඩක් කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

පෞද්ගලික වාසි වෙනුවෙන් ඡන්දය දෙන එක නතර කරන්න

නවීන තාක්ෂණය සම්බන්ධයෙන් දරුවන් සතු දැනුම අඩු වී ඇත්තේ දූදරුවන්ගේ වරදින් නොව පාලකයන් පත් කරන වැඩිහිටියන්ගේ වරදින් බවත් මෙතෙක් කල් වැරදි දේට ජනප්‍රිය දේට පුද්ගලික වරප්‍රසාද ලැබෙන දේට වරම ලබා දුන් බවත් එය දැන්වත් වෙනස් විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය බලයට පත් වූ විගස උසස් මට්ටමට රටේ අධ්‍යාපන පද්ධතිය නිර්මාණය කරන බවයි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 115ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1148ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan