*
Monday, May 20, 2024
spot_img

Latest Posts

බිඳ වැටුණු සමාජය ගොඩනැගීමට මහා සංඝරත්නයෙන් මඟපෙන්වීමක් අපේක්ෂා කරනවා – කේ.ඩී. ලාල් කාන්ත

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW): වර්තමානය වන විට රටේ දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික යන කරුණු හතරාකාරයෙන්ම බිඳ වැටී ඇති අතර, 1815 දේශපාලනය බිඳ වැටුණු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ,

” වර්තමානය වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික යන කරුනු හතරාකාරයෙන්ම බිඳ වැටිලා. 1815 දේශපාලනය බිඳ වැටුණා. එතැන් සිට ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙනුත් බිඳ වැටුණා. අපට පුනරුද යුගයක් බිහි කිරීමට සිදුවෙන්නේත් මේ කරුණු හතර මූලික කරගෙන. ජාතික ජන බලවේගයේ දැක්ම තමයි බිඳ වැටුණු දේශපාලනය නැවත ගොඩ නැගීම. 1815 බිඳ වැටුණු සමාජය ආරම්භක කළ හැකි වන්නේ දේශපාලන පුනරුදය ආරම්භ කිරීමෙන්. අපි තවමත් නිදහස ලබා නැහැ”

අපට සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණයක් ලැබෙනවා. ඒ ජනාධිපතිවරණයේදී අපි බලාපොරොත්තු වන්නේ දේශපාලන පුනරුදයේ ආරම්භක ජයග්‍රහණය ගැනීමටයි. අද රටේ බහුතරයක් විවිධ සමාජ ස්ථරයන් ඔස්සේ පෙළගස්වමින් සිටිනවා. ජයග්‍රහණයෙන් පසුව ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගොඩනැගීමට තිබෙනවා. ඒ සඳහා අනුශාසනය කරන ලෙසට මේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා මඟ පෙන්වන්න. එය මහා සංඝරත්නයෙන් ලැබෙන විශාල ශක්තියක් හා ධෛර්යයක්. අපේ භික්ෂූන් වහන්සේලාගේ, මව්ලවිතුමන්ලාගේ, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ මග පෙන්වීම, අනුශාසනය ලබන්න සූදානම්. ඔබ වහන්සේලාගේ මේ සමුළුවේ අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා” ලෙස පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan