*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

75 වසරක සාපයක් ගැන කියන්නේ අකෘතඥ මිනිස්සු. රටේ වෙච්ච දාහක් හොඳ දේට ගෞරවය දේශපාලනඥයින්ට ලබෙන්න ඕනෑ – රමේෂ්

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු කාලයේ තත්වයට සාපේක්ෂව බලනවිට මේ වෙද්දී අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම්, විදුලිබලය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දියුණුවක් සමග දැවැන්ත සමාජ පරිවර්ථනයක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

“1948 අපි බ්‍රිතන්‍ය ජාතිකයින්ගෙන් නිදහස ලබනකොට අපි අවුරුදු 450කට ආසන්න වශයෙන් යටත් විජිතයක් ලෙස ඉදලා තියෙනවා. මේ කලාපයේ කිසිම රටක් අවුරුදු 450ක් වෙනත් ජාතිකයින්ට යටත් වෙලා ඉදලා නෑ. පාර්ශික වශයෙන් හා සම්පූර්ණ වශයෙන් ලංකාව විතරයි එපමණ කාලයක් යටත් වෙලා ඉදලා තියෙන්නේ. 1948 අපි නිදහස ලබනකොට මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ ආයු කාලය අවුරුදු 42යි. වැඩි ඈතක නෙමෙයි අපේ අම්මලා තාත්තලා ඉපදුන කාලෙයි. අද අපේ රටේ ජීවත් වීමේ සාමන්‍ය ආයු කාලය කාන්තාවකට නම් අවුරුදු 80 යි. පිරිමි කෙනෙකුට නම් අවුරුදු 77යි. අති විශාල පරිවර්ථන යුගයක අපි ජීවත් වෙන්නේ. එක පුද්ගලයකුගේ ජීවිත කාලයේදී මේ රටේ සිදුවෙලා තිබෙන සමාජ පරිවර්ථනය විශ්මය ජනකයි. ජීවත් වීමේ ආයු කාලය අවුරුදු 42 සිට අවුරුදු 80 දක්වා වැඩි වෙලා තිබෙනවා. සෞඛ්‍ය අංශයේ අපේ දියුණුව මේ කලාපයේ වෙනම කිසිම රටකට සංසන්දනය කරන්න බැහැ. අපේ ජීවත් විමේ ආයු කාලය වැඩි වෙලා, මාතෘ මරණ ලෝක මට්ටමට අඩු වෙල ලෝකයේ දියුණු රටවල වගේ. ළදරු මරණ අඩුවෙලා. එන්නත් කිරීමේ අනුපාතය 99.9% යි. අපි අති විශාල සංවර්ධනයක් ලබාගෙන තිබෙනවා ඒ පැත්තෙන්. ඒකට හේතුව වුණේ මේ ප්‍රාථමික සෞඛ්‍ය අංශ ලංකාවේ සෑම කිලෝමීටර් 5කටම ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයක් දිස්ත්‍රික් රෝහලක, මූළික රෝහලක්, මහ රෝහලක් හෝ තෘතික සේවා සපයන මධ්‍යස්ථානයක් තිබීමයි.

අපේ රටට නිදහස ලැබෙන කොට රෝහල්වල තිබුණ ඇඳන් සංඛ්‍යාව 18,000යි. අප අපේ රෝහල් පද්ධතියේ නේවාසික රෝගීන් වෙනුවෙන් ඇඳන් 90,000ක් තිබෙනවා. අපි නිදහස ලබනකොට මේ රටේ රෝහල් වල වෛද්‍යවරු වැඩ කළේ 450කට ආසන්න ප්‍රමාණයක්. එකෙනුත් MBBS වෛද්‍යවරු හිටියේ භාගයයි. අද රජයේ MBBS වෛද්‍යවරු 23,000ක් වැඩ කරනවා. හෙද නිලධාරින් හිටියේ 700ක් පමණ විතරයි. නමුත් අද හෙද නිලධාරින් 45,000ක් වැඩ කරනවා. සෞඛ්‍ය පද්ධතිය දියුණු වෙලා තිබෙනවා එක් ලක්ෂ පනස් දහසක ධාරිතාවයකට.

නිදහස ලබන කොට අපේ රටේ පාසල් තිබුණේ 3,100යි. අද පාසල් 10,100ක් තිබෙනවා. මේ රටේ සමාජ පරිවර්තන යුගයේ විශිෂ්ඨතම සලකුණ ලෙස සටහන් වෙන්නේ 1945 රාජ්‍ය මන්ත්‍රණ සභාවට හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නිදහස් අධ්‍යාපන පනත. අපේ සීයලා අපේ අත්තම්මලා පාසල් ගියපු නැති වුණාට ඒ පනතින් පස්සේ අපේ අම්මලා තාත්තලා පාසල් ගියා. ඒ තාත්තලාගේ අම්මලාගේ දරුවෝ විශ්ව විද්‍යාලයේ ගියා. ඒ විශ්ව විද්‍යාලය ගිය දෙමාපියන්ගේ දරුවෝ ඒ හතරවැනි පරම්පරාව අද විදෙස් රටවලට ගිහින් අධයාපනය ලබනවා එහි සේවය කරනවා. අද ඔවුන් වෛද්‍යවරු, ගණකාධිකාරීවරු, ඉංජිනේරුවරු, විද්‍යාඥයින් ලෙස විවිද අංශවලින් කටයුතු කරනවා. එහෙම ඉතිහාසයක් අපේ රටේ කවදාවත් තිබිලා නෑ 2500ක දීර්ඝ ලිඛිත ඉතිහාසයක් තිබුණට.

අපි නිදහස ලබනකොට තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලය පමණයි. නමුත් අද අපේ රටේ විශ්ව විද්‍යාල 18ක් තිබෙනවා. ගම්පහ වික්‍රමආරච්චි විශ්ව විද්‍යාලය බිහි වුණේ මීට අවුරුදු 4කට කලින්. පෞද්ගලික විශ්ව විද්‍යාල බොහෝමයක් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් සංවර්ධනය වෙලා. 5% කට තිබුණ විදුලිය අද 99% කට ලැබිලා තිබෙනවා. ජනගහනය වගේ තුන් ගුණයක් අද ජනතාව දුරකථන භාවිතා කරනවා. අති විශාල භෞතික සම්පත් සංවර්ධනයක් වෙලා තිබෙනවා.

ඒ අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම්, විදුලිබලය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දියුණුවට මේ සිදු වුණ සමාජ පරිවර්ථනයට අපි අවුරුදු 75කට පස්සේ විහිළුවට කියනවා 75 වසරක සාපය කියලා. මේ රටේ වෙච්ච වැරැදි වලට 2022 වසරෙදි අපි ආර්ථික අර්බුදයක් ඇතිවෙලා ගත්තු ණය ගෙවා ගන්න බැරිව අර්බුදයට පත්වුණාම මේ රටේ සමහර අකෘතඥ මිනිස්සු කියන්න ගත්තා 75 වසරක සාපයක් ගැන. මේ රටේ වෙච්ච වැරැද්දට පාලකයෝ, දේශපාලඥයෝ වග කියන්නට ඕනි නම් ඔව් වගකියන්න අවශ්‍යයයි. මේ රටේ වෙච්ච දාහක් හොඳ දේවල් වලට ගෞවරය ලැබෙන්නත් ඕනි ඒ අයට නේද?”

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පහ කලගෙඩිහේන ප්‍රාථමික සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan