මෙරට පුරාවස්තු සංරක්ෂණයට නව පනතක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කර සිටියේ , මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම “භික්ෂූ කතිකාවත් පනත” සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” දුෂ්කර තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාල ලේඛන මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. අමාත්‍යාංශයේ අපේක්ෂාව වී තිබෙන්නේ එම මූල්‍ය ප්‍රතිපාදන 2024 මාර්තු මස 15 වනදාට පෙර අදාල පූජනීය ස්ථාන වෙත ලබාදීමටයි.

මෙරට පුරාවස්තු, පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු සිටිනවා. එහි අන්තර්ගත ඇතැම් විෂයන් පිළිබඳව මූලික නීති සකස් කිරීමට ද අප කටයුතු කරන බව පැවසිය යුතුයි. ඒ සඳහා විවිධ පාර්ශ්වයන් වෙතින් අදහස් හා යෝජනා ලබා ගනිමින් සිටින බව ද සඳහන් කළ යුතුයි.

එමෙන්ම භික්ෂූ කතිකාවත් පනත සකස් කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ වෙනුවෙන් වන යෝජනා මහා නායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභා මඟින් ලබා දෙන ලෙස අප දන්වා තිබෙනවා. මෙය පහසු කටයුත්තක් නොවෙයි. නමුත් බහුතර විශ්වාසය වී තිබෙන්නේ එමඟින් භික්ෂු විනය ඇතුළු බොහෝ ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි.


ඒ වගේම ශ්‍රී ලංකාව ථේරවාදී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය ක්‍රියාවට නැඟීම වෙනුවෙන් අප අමාත්‍යාංශයක් ලෙස සැදී පැහැදී සිටිනවා
‘ ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...