*
Tuesday, March 4, 2025
spot_img

Latest Posts

ඇනහිට ඇති කල්පිටිය සංචාරක ව්‍යාපෘති සමාලෝචනය කිරීමට රජය සූදානමින්!

සටහන – පුලී
මාර්තු 04, කොළඹ (
LNW): කල්පිටිය දූපත් සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ ප්‍රමාදය විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවට වාර්තා වේ.

තෝරාගත් ආයෝජකයින් සමඟ ඇති කර ගත් ගිවිසුම් සහ ඒවායින් බොහොමයක් 2024 සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත් වී තිබීමත් වැනි හේතූන් මත මේ හා සමගාමීව රජයේ මැදිහත්වීමක් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2010 සහ 2012 වසරවල සංචාරක සංවර්ධනය සඳහා නොමිලේ ප්‍රදානයන් ලෙස කල්පිටියේ දූපත් 12ක් හරහා අක්කර 2,056.73ක් ලබාගෙන තිබේ. ඉන් 2022 වන විට සමාගම් හතකට බදු දී තිබුණේ දූපත් 10ක අක්කර 668.69ක් පමණි.

මොන මොන ගිවිසුම් අත්සන් කර ඇතත්, 2022/2023 කාලය අවසන් වන විට කිසිදු ආයෝජකයෙකු සංවර්ධන කටයුතු ආරම්භ කර නොතිබූ බව විගණන වාර්තාවකින් පෙන්වා දී තිබේ.
මෙම ගැටලුව තවත් උග්‍ර කරමින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දළ වශයෙන් 2018 සිට 2024 දක්වා කාලය තුළ මෙම බදුකරුවන්ගෙන් ලීසිං ගෙවීම් ලෙස රුපියල් මිලියන 93ක් ගෙන ඇති බවට වාර්තා වේ.

මේ අතර, කල්පිටියෙහි ජල බංගලා (Water Bungalows) සඳහා අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදය, ප්‍රාදේශීය ධීවර ප්‍රජාවන් සමඟ උද්ගත වන ගැටුම්, දූපත් ප්‍රමාණවත් නොවීම සහ සාමාන්‍ය යටිතල පහසුකම් නොමැතිකම ඇතුළු කරුණු කිහිපයක් අභියෝග ලෙස පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2023 මැයි මාසයේදී තවත් කල්බදු ගිවිසුම් හතරක් අත්සන් කරන ලද අතර, අඛණ්ඩ යටිතල පහසුකම් සහ අනුමැතිය ප්‍රමාදයන් හේතුවෙන් ඒවායින් නිසි ප්‍රගතියක් ලබා ගැනීමට අපහොසත් විය.

මේ සියල්ලම පාහේ කල්පිටිය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට මහත් හැකියාවක් ඇති අතර එබැවින්, මග ඇනහිට ඇති ව්‍යාපෘති නැවත පණ ගැන්වීමට සහ මෙම උපායමාර්ගික මුලපිරීමේ ආර්ථික ලාබයන් බුක්ති විඳීමට කඩිනම් පියවර ගත යුතු බව අවධාරණය කළ යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan