*
Monday, December 16, 2024
spot_img

Latest Posts

කෝලිට ලංකාවෙන් තුනෙන් එකයි

අද ඉන්දියාවේ දි ඇරඹෙන ඉන්දියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගය ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලී සහභාගිවන සියවන ටෙස්ට් තරගය වෙනවා.එසේම ශ්‍රී ලංකාව සහභාගි වන 299 වැනි ටෙස්ට් තරගයද වෙනවා.ශ්‍රී ලංකාව සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වන්නේ 1982 පෙබරවාරි17 වන දා යි.ශ්‍රී ලංකාවේ ටෙස්ට් වයස මේ වසර වන විට අවුරුදු 40 ක් වන අතර විරාට් කෝලි ඉපදෙන්නේ ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කර වසර හයකට පසුවයි.ඒ 1988 නොවැම්බර් පස්වන දා යි.

ශ්‍රී ලංකාවේ සමස්ත ටෙස්ට් වයසට වඩා අවුරුදු හයක් බාල සහ ශ්‍රී ලංකාව තමන්ගේ ටෙස්ට් ජීවිතයේ අවුරුදු 29 ක් ගත වෙන තැන 2011 දී පළමු ටෙස්ට් තරගයට පිවිසෙන විරාට් කෝලි තමන්ගේ ටෙස්ට් දිවියේ එකළොස්වන වසර සමරන විට සිය සියවන ටෙස්ට් තරගයට සහභාගි වුවත් ශ්‍රී ලංකාවට අවුරුදු හතළහටම ක්‍රීඩා කරන්නට ලැබී තිබෙන්නේ ටෙස්ට් තරග 299 ක් පමණයි.ඒ අනුව ජගත් ටෙස්ට් පිටියේ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ලැබෙන සැළකීමේ වෙනස්කම අවබෝධ කර ගන්නට හැකියි.

සමස්ත ටෙස්ට් තරග ඉතිහාසය ගත් විට මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා යි.එසේම ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කඩුලු හයකට ලබා ගත් ලකුණු තුන්සිය පනස් දෙකයි.එසේම ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වී ඇති හොදම කඩුලු සබඳතා 10 න් හතරක්ම ශ්‍රී ලංකාවට හිමි වන අතර හොඳම කඩුලු සබඳතාවය වන්නේ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර දකුණු අප්‍රිකාවට එරෙහිව එරෙහිව වාර්තා කළ ලකුණු හයසිය විසි හතරයි.දෙවන තැන තිබෙන්නේ රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය තැබූ ලකුණු 576 ක සබඳතාවයයි.

මේ ආකාරයට ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් තරග 299 කින් 94 ක් ම ජයගෙන සියයට 31.54 ක ජයග්‍රහණ සාමාන්‍යයක් රඳවාගෙන යන්නටත් සමත් වි තිබෙනවා.ඉන්දියාව ටෙස්ට් තරග 560 ක ට සහභාගි වි ජයගෙන තිබෙන්නේ තරග 166 ක් පමණයි.එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 29.64 ක් පමණයි.නමුත් වසර 11 ට ටෙස්ට් තරග සියයක් ක්‍රීඩා කරන්නට හැකි මට්ටමට ඉන්දියානු ක්‍රීඩකයෙක්ට ටෙස්ට් තරග ලැබෙන අතර ශ්‍රී ලංකාවට තවම ඒ ආකාරයට ටෙස්ට් තරග ප්‍රමාණයක් දිනා ගන්නට නොහැකි වි තිබෙනවා.

ලෝකයේ සියලුම ක්‍රිකට් ලෝලීන්ට දක්ෂයෙක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකි විරාට් කෝලී සිය ටෙස්ට් දිවියේ සියවන තරගයට සහභාගී වීම සතුටුදායක අවස්ථාවක්.ටෙස්ට් තරග 99 දි ලකුනු 7962 ක් රැස් කරගෙන තිබෙන කෝලි මෙම තරගයේදී බොහෝ විට සිය අටදහස් වන ටෙස්ට් ලකුණට ද පිවිසෙන්නට ඉඩ තිබෙනවා.ශ්‍රී ලංකාවට ඉදිරයේදී වර්ථමානය වන විට ඉන්දියාව සහභාගිවන මට්ටමේ ටෙස්ට් තරග ප්‍රමානයක් ක්‍රීඩා කරන්නට ලෝකයේ ඉඩ විවර කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ද උත්සාහ කර යුතු වෙනවා.ඉන්දියාව ටෙස්ට් වයසින් ශ්‍රී ලංකාවට වඩා වසර 50 ක් වැඩිමහල් වන අතර නමුත් වර්ථමානය වන විට ලෝක ක්‍රිකට් ප්‍රජාව අතර වැඩිම සැළකිල්ලක් දිනා ගන්නා ක්‍රිකට් පරිපාලනය වෙමින් සිය ක්‍රීඩකයන්ට ක්‍රීඩාවේ සෑම අංශයකදීම වැඩි අවස්ථා දිනා දෙන්නට සමත් වී සිටිනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan