*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව 300 වැනි ටෙස්ට් තරගයට අද මුහුණ දෙයි – සුරාට ජයග්‍රාහී සමු ගැනීමක් හිමිවෙයිද ?

තරග දෙකකින් සමන්විත ඉන්දු – ලංකා ටෙස්ට් තරගාවලිය අද මොහාලිහිදී ආරම්භ වේ. මෙම තරගය ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වන බැවින් ලොවපුරා ක්‍රිකට් ප්‍රේමීන් රැසකගේ අවධානය මෙම තරගය දෙසට එල්ල වී තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන්ට මෙම තරගය ඊටත් වඩා වැදගත් වේ. ඒ, මෙම තරගය ශ්‍රී ලංකාව සහභාගි වන 300 වැනි ටෙස්ට් තරගය වීමයි.

1982 දී ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් තරග 299 ක් ක්‍රීඩා කර තිබේ. ඉන් තරග 95 ක් ජයගෙන ඇති අතර තරග 113 ක් පරාජය වී සෙසු තරග 91 ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත්ව සිටී.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව තුළදී කිසිදු ටෙස්ට් තරගයක් ජයගෙන නොමැත. දශක 40 ක ටෙස්ට් වංශකතාව තුළ අත්කර ගැනීමට නොහැකි වූ එම ජයග්‍රහණය සොයා අද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මොහාලි ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත.

අනෙක් පැත්තෙන් මෑත කාලයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සාර්ථකම වේගපන්දු යවන්නා වූ සුරංග ලක්මාල් සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලිය මෙය වන බැවින් ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් ලබාදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම බලාපොරොත්තුව වනු ඇත.

කෙසේ නමුත් ඉන්දියාව ඔවුන්ගේ මව්බිම තුළදීම පරාජය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. මේ වනවිට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම 07 වැනි ස්ථානයේ රැඳී සිටී.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan