ශ්‍රී ලංකාව 300 වැනි ටෙස්ට් තරගයට අද මුහුණ දෙයි – සුරාට ජයග්‍රාහී සමු ගැනීමක් හිමිවෙයිද ?

තරග දෙකකින් සමන්විත ඉන්දු – ලංකා ටෙස්ට් තරගාවලිය අද මොහාලිහිදී ආරම්භ වේ. මෙම තරගය ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වන බැවින් ලොවපුරා ක්‍රිකට් ප්‍රේමීන් රැසකගේ අවධානය මෙම තරගය දෙසට එල්ල වී තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන්ට මෙම තරගය ඊටත් වඩා වැදගත් වේ. ඒ, මෙම තරගය ශ්‍රී ලංකාව සහභාගි වන 300 වැනි ටෙස්ට් තරගය වීමයි.

1982 දී ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් තරග 299 ක් ක්‍රීඩා කර තිබේ. ඉන් තරග 95 ක් ජයගෙන ඇති අතර තරග 113 ක් පරාජය වී සෙසු තරග 91 ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත්ව සිටී.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව තුළදී කිසිදු ටෙස්ට් තරගයක් ජයගෙන නොමැත. දශක 40 ක ටෙස්ට් වංශකතාව තුළ අත්කර ගැනීමට නොහැකි වූ එම ජයග්‍රහණය සොයා අද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මොහාලි ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත.

අනෙක් පැත්තෙන් මෑත කාලයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සාර්ථකම වේගපන්දු යවන්නා වූ සුරංග ලක්මාල් සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලිය මෙය වන බැවින් ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් ලබාදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම බලාපොරොත්තුව වනු ඇත.

කෙසේ නමුත් ඉන්දියාව ඔවුන්ගේ මව්බිම තුළදීම පරාජය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. මේ වනවිට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම 07 වැනි ස්ථානයේ රැඳී සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...