ඩොනල්ඩ් ට්‍රම්ප් මුල්වරට අද කොංග්‍රසය අමතයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 47වන ජනාධිපතිවරයා වශයෙන් දෙවන ධුර කාලයක් වෙනුවෙන් නැවත බලයට පත්වීමෙන් අනතුරුව සිය පළමු දින 43 නිල කාලය අවසන් වීමෙන් අනතුරව අද(05)දිනයේ මුල්වරට කොන්ග්‍රසය අමතා ඔහුගේ දැක්ම ගෙනහැර දක්වා තිබේ.

‘ඇමරිකාව නැවත පැමිණ ඇත’ යනුවෙන් සිය කතාව ආරම්භ කළ ජනාධිපතිවරයා එක්සත් ජනපද ජනාධිපති ඉතිහාසයේ මුල්වරට පැයකුත් විනාඩි 40ක දීර්ඝතම දේශනය සිදු කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන කරුණු අතර තීරුබදු, ආන්ඩුවේ කප්පාදුව සහ විදේශ කටයුතු සම්බන්ධයෙන් තමා ගනු ලැබූ තීරණ සාධාරණ බව ප්‍රකශ කර තිබු අතර ෆෙඩරල් ශ්‍රම බලකාය කප්පාදු කිරීමට සහ සංක්‍රමණ මර්දනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමුකර තිබේ.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා තම විරුද්ධවාදීන්ට නිර්දය ලෙස පහර දීමට, ඔහුගේ පූර්වගාමියාට දොස් පැවරීමට සහ පැරණි දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමට ද සිය කතාව භාවිතා කර ඇත.

සිය ධුරයට පත් වීමෙන් අනතුරුව විශේෂ නියෝග යටතේ ගෙනහැර දැක්වූ සංක්‍රාන්ති ලිංගික අයිතීන් සහ විවිධත්ව වැඩසටහන් ආපසු හැරවීමට ට්‍රම්ප් උත්සහ කරන බවත්, යුක්රේනයේ ම්ලේච්ඡ ගැටුම අවසන් කිරීමට වෙහෙස නොබලා වැඩ කරන බවත්, යුක්රේනය සමඟ දුර්ලභ ඛනිජ ගනුදෙනුවක් ප්‍රකාශයට පත් කිරීමට සුදානම් බවත් පැවසු අතර බොහෝ දෙනාගේ කතා බහට ලක්ව ඇති තීරුබදු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ ට්‍රම්ප් තීරුබදු හඳුන්වා තිබුණේ, ඇමරිකාව නැවත පොහොසත් කිරීම සහ ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ කිරීමේ පියවරක් වන බවත්, එය පොඩි කැළඹීමක් ඇති කිරීමට සමත් වුවද ඇප එය සමඟ සිටිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය