ඩිපෝ 45කින් අද සිට පෞද්ගලික බස් රථ වලට ඉන්ධන!

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද පෙරවරුවේ (05) සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

අද හවස්වරුව වන විට සෙසු ඩිපෝවලටත් ඉන්ධන සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් එමගින් පෞද්ගලික බස්රථ සහ සංචාරක ක්ෂේත්‍රයේ නිරත රථවලට ඉන්ධන සැපයිය හැකි බවත් අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාගත හැකි ඩිපෝවන්නේ,

කොළඹ – හෝමාගම, මොරටුව, මීතොටමුල්ල, තලංගම, උඩහමුල්ල
ගම්පහ – ජාඇල, කිරිදිවැල, කඩවත, නිට්ටඹුව
කළුතර – අලුත්ගම, හොරණ, කළුතර,මතුගම
නුවර – මහනුවර දකුණ,උඩුදුම්බර.
රුහුණ – අම්බලන්ගොඩ, අකුරැස්ස, ඇල්පිටිය, හක්මණ, මාතර, උඩුගම, කතරගම, තංගල්ල
නුවරඑළිය – හඟුරන්කෙත
සබරගමුව – දැරණියගල, ඇඹිලිපිටිය, ගොඩකවෙල, කලවාන
ඌව – මොණරාගල, වැල්ලවාය
වයඹ – කුලියාපිටිය, නිකවැරටිය, ගල්ගමුව
රජරට – අනුරාධපුරය, දඹුල්ල, හොරෝපතාන, කැබිතිගොල්ලෑව, පොළොන්නරුව
උතුර – කරේනගර්, යාපනය, කිලිනොච්චිය
නැගෙනහිර – මඩකලපුව, කලවන්චිකුඩි, කාත්තාන්කුඩි, මුතූර්

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...