ග්ලුකෝමා රෝගය ගැන බිය විය යුතු කථාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): ලොව පුරා ග්ලුකෝමා රෝගයෙන් පීඩාවිඳින ප්‍රමාණය මෙන්ම මෙරට තුළ ද මෙම රෝගයට ගොදුරු වූවන් ප්‍රමාණයේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව එනම් මෙරට ජනගහනයෙන් 5%ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“ලොකේ ගත්තත්, ලංකාව ගත්තත් අන්ධභාවයට පත්වෙන්න තුඩු දෙන එක ප්‍රධාන හේතුවක් තමා ග්ලුකෝමා රෝගී තත්ත්වය. ලෝකයේ සියයට කීයක් ඉන්නවද කිව්වොත් 3.54%යි. හැබැයි ලංකාවේ 5%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපේ වැඩිහිටි ජනගහනය වැඩිවීම මෙයට එක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ 5%කට පමණ ආසන්න ප්‍රමාණයක් ඇස්තමේන්තු කරලා තියෙනවා මේ රෝගයෙන් පෙළෙනවා කියලා. ඒ නිසා ඇස් පරීක්ෂා කරගැනීම සඳහා යොමු කරන එක ඉතා වැදගත් වෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් අපේ රටේ තියෙන අක්ෂි ආබාධ කල් ඇතිව හඳුනාගෙන වළක්වා ගත හැකි ආබාධ වළක්වා ගැනීමට වැඩසටහන් සම්පාදනය කරලා තියෙනවා.” ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...