ස්මිත්ගේ නික්ම යාම

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 06, (LNW)කොළඹ

ඔහුට මතබේදයට තුඩු දුන් කරුණකින් ඉනික්බිතිව ක්‍රිකට් නායකකම මෙන්ම රටට ක්‍රීඩා කරන්න ද අහිමි විය.ඉනික්බිති සිඳු වූ වරද පිළිගෙන සමාවද අයැද දඬුවම් ද විඳ නැවත පිටියට පැමිණියේය.


දිගු කාලයකට පසුව නැවත ක්‍රීඩා කළ සැනින් ජාතික කණ්ඩායමට ඒම පහසු නැත.එහෙත් මේ සටහනට පාදක කතා නායක ස්ටිව් ස්මිත් සිය ජීවිතයේ වටිනාකම ඇත්තේ ක්‍රිකට්වල බව දැන සිටියේය.සිඳු වූ වරද ගැන කම්පාවෙමින් කාලය කා දැමීම පසෙක ලා,නැවත එවන් වරදක් සිඳු නොකරන්නට සිතා ගැනීමෙන් නොනැවතී,ස්මිත් තහනම් කාලය තුළ ද සිය ක්‍රීඩා පුහුණුව නොනැවතී කරගෙන ගියේය.


එහි ප්‍රතිපලයක් ලෙස තහනමෙන් ඉනික්බිති ඔහුට ජාතික කණ්ඩායමට ඒමට හැකි වූවා පමණක් නොව,සුපුරුදු පරිදි දක්ෂතා දක්වන්නට ද හැකි විය.ලෝකයේ ඕනිම කණ්ඩායමකට අභියෝග කළ හැකි පිතිකරණ හැකියාවක් සමඟ ස්මිත් ඔහු තහනම් වන මොහොතේ සිටිය තත්ත්වයටම යළි පැමිණියේය.


මේ මොහොත වන විට ඔහු එක්දින පිටියට සමුදෙන බව කියා ඇත.ඒ නැවත පැට් කමින්ස් ගේ පෞද්ගලික කාරණයක් නිසා තාවකාලිකව හිස් වූ නායකකම ද දරා ඔස්ට්‍රේලියාව චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසාන පූර්ව තරගය සඳහා කැඳවාගෙන ඒමෙන් පසුවය.ඉතාම තරුණ කණ්ඩායමක් සමඟ ඔහු ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජයට පත් විය.දැවන්ත පරාජයන් දෙකකට පසුව එම කණ්ඩායම සමඟ චැම්පියන්ස් කුසලානයට ගිය ඔස්ට්‍රේලියාව අවසාන පූර්ව තරගය සඳහා ආවේ එම තරග ඉතිහාසයේ වාර්තාවන්ද අලුත් කරමින්ය.


ඒ හැකියාවන් පිටුපස නායකයෙකු ලෙස ස්මිත්ගේ මඟ පෙන්වීම හොඳින්ම තිබිණ.චැම්පියන්ස් කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ බොහෝ තරුණ ඔස්ට්‍රේලියානුවන් තරග දෙක තුනක අත්දැකීම් පමණක් ඇතිව ක්‍රීඩා කළ අය විය.ඔවුන්ගෙන් උපරිමය ගත හැකි පරිදි නිවැරදිව කණ්ඩායම මෙහෙය වූ ස්මිත්,තරගාවලිය නිමා වන විට ඔවුන් පරීණත ක්‍රිඩකයින් බවටත්,ඉදිරියේ ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් වන ක්‍රීඩකයින් බවටත් පත් කර අවසාන පූර්ව තරගයේදී ඉන්දියාවට පරාජය වීමෙන් ඉනික්බිති සිය සමුගැනීම නිවේදනය කළේය.


අවුරුදු 35 ක් වයසැති ස්මිත්,ඇයි උඹ තවම ගහන්නෙ කියා කවුරුත් අහන්න පෙර ඇයි උඹ මේ වෙලාවෙ යන්නෙ තව පුළුවන්නෙ හොඳට කියා මිනිස්සු පවසද්දී සමුගැනීම ප්‍රකිශ කිරීම අපූරුය.පරාජය වූ ඉන්දීය තරගයේදී ද ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු සහිත ඉණිම ක්‍රීඩා කළේ ස්මිත් ය.ඔහු ලකුණු අතර සිටියදී,කවුරුත් අදක්ෂ යැයි නොකියන තත්ත්වයක,ඉතාම හොඳ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස සිය සමුගැනීම ප්‍රකාශ කිරීම,පළයං කියන තුරු අල්ලාගෙන සිටින කොයි රටක ක්‍රීඩකයෙකුට වුව සිය සමුගැනීමට වැදගත්කමක් සහ වටිනාකමක් එකතු කර ගැනීම ගැන හොඳ පාඩමක්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...