වැල් පාලමෙන් එගොඩ වුනේ රාජපක්ෂලා ප්‍රමුඛ හොරු ටික විතරයි. ජනතාව තවමත් අපායේ – ජනපතිට සජිත්ගෙන් පිළිතුරු

Date:

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවේදී උතුම් බුදු වදන් උපයෝගී කර ගෙන තමන් යන අදූරදර්ශී ගමන ප්‍රත්‍යක්ෂ කරන්න ලොකු උත්සාහයක නිරත වූ බවත් අපාය, වැල්පාලම ගැන කතා කළ ජනාධිපතිවරයා විසින්ම අපායේ නිර්මාතෘවරුන් රකිමින් සිටින බවත් රටේ ඇතිව තිබෙන බංකොලොත්භාවය නිර්මාණය කළ අපායේ නිර්මාතෘවරුන්ගෙන් රටේ ජනතාවට වන්දි ලබා ගැනීමට ඇති පහසුකම් පවා නතර කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා බවත් අපාය නිර්මාණය කළ නායකයන් හොරා කාපු දේ රකින්නේ ද මේ ජනාධිපතිවරයා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු කතාවක් සිදු කරමිනි.

රටට දේපල සම්පත මුදල් විදේශ විනිමය අහිමි කර ඒවා නැවත අපේ රටට ලබා නොගෙන සිටින්නේ, අපායේ නිර්මාතෘවරුන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තුව තුළ 134ක වරමක් ලබා ගෙන හොරුන්ගේ වරමින් ජනාධිපති තනතුරට පැමිණ හොරුන්ගෙන් යැපෙන්නේ වත්මන් ජනාධිපතිවරයා බවත් වැල් පාලමෙන් රට විනාශ කළ රාජපක්ෂවරු ප්‍රමුඛ හොරු කණ්ඩායම ඉන් එගොඩ වී ඇති බවත් රාජපක්ෂවරු නිර්මාණය කළ අපාය රනිල් රාජපක්ෂ ආණ්ඩුව තවදුරටත් පුළුල් කර ජනතාවගේ ජන ජීවිතය දිගින් දිගටම විනාශ කරන බවත් ඒ තුළ ලක්ෂ 220 ජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා වරමින් ගන්න බැරි වුණ දේ හොරු එක්ක එකතු වෙලා ලබා ගත්තා

එසේම ජනාධිපතිවරයා හොරු ගොඩක් මැදට පැන කවදාවත් ඡන්දයෙන් ලබා ගන්න බැරි තනතුර රට විනාශ කළ පුද්ගලයන්ගේ පිහිටෙන් ලබා ගත් බවත් එසේ බලය ලබා ගෙන ජනතාවගේ ඡන්ද බලය නැති කර, අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් රටේ වැඩ කරන ජනතාවගේ මුදල් පසුම්බිය පොකට් ගසා සුපිරි ධනවතුන් රකිමින් සිටින බවත් වැට් වැඩි කර මුළු රටම විනාශ කර ඇති මොහොතක මාසෙකට කිහිප සැරයක් විදේශ සංචාර යන්නේ මේ ජනාධිපතිවරයා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අපි රකින්නේ නෑ. ඒකයි හොරුත් එක්ක වගකීම් බාර නොගත්තේ

බාල බෙහෙත්, හොර බෙහෙත්, ගුණාත්මකභාවයෙන් අඩු බෙහෙත් ජාවාරම ආදී ජාතික ඛේදවාචක නිර්මාණය කළ සෞඛ්‍ය ඇමතිවරයා රැක්කේ ජනාධිපතිවරයා බවත් මෙවැනි හොරු වංචාකාරයන් මංකොල්ලකාරයන් දූෂිතයන් රකින්න බැරි නිසා තමා වගකීම බාර නොගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවා විධායකයේ පඹයෙක් බවට පත් කරන්න උත්සාහ කරන බවත් ඒ සඳහා කතානායකවරයා පවා සහයෝගය ලබා දී ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...