ඇමතිකමෙන් අයින් වෙන්නෑ. අපි පක්ෂ 11 ම ආණ්ඩු පක්ෂයේ තමයි අසුන් ගන්නේ – වාසු

විමල් වීරවංශ මහතාව සහ උදය ගම්මන්පිල මහතාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් කැබිනට්‍ රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින නමුත් අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එසේ අමාත්‍ය ධුරය අත්හැරීම තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමත නොකළ බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම හෙට (08) දිනයේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී තමන් අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේ බව පැවසූ ඒ මහතා ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 ම එසේ ආණ්ඩු පක්ෂයෙහි අසුන් ගන්නා බවත් ප්‍රකාශ කළේය.

මේ අතර සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීමට ආරාධනාවක් ලැබුණොත් කුමක් කරන්නේදැයි විමසීමේදී ඒ මහතා පැවසුවේ එවන් ආරාධනාවක් පිළිනොගන්නා අතර එවන් ආරාධනාවක් කිරීමට හේතුවක් ද නොමැති බවයි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...