පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුනි පුළුවන් නම් එන්න.අපි 15 කොළඹ වටලනවා – SJB (VIDEO)

Date:

එළඹෙන 15වැනිදා සමඟි ජන බලවේගය විසින් කොළඹ වැටලීමට නියමිත අතර පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුන්ට ඊට සූදානමින් සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (07) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

අද පෙරවරුවේදී කෝට්ටේ පිහිටි සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ විරෝධයක් සංවිධානය කර තිබුණු අතර එම විරෝධය අතරතුර සමඟි ජන බලවේගයේ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි.

මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බව පැවසූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැනි ක්‍රියාවලට ප්‍රතික්‍රියා දක්වන්නේ මෙවැනි බොළඳ,මෝඩ ආකාරයට නොව බවයි.

මධුර විතනගේලාට වඩා ආණ්ඩුවට කඩේ ගිය විමල් වීරවංශ,උදය ගම්මන්පිල වැනි අයට දැන් සිදුව තිබෙන දේවල්වලටත් වඩා දේවල් මධුර විතනගේලාට ඉදිරියේදී සිදුවනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

මේ අතර මධුර විතානගේ මහතාද ආණ්ඩුවේ සිටින තවත් වැඩ බැරි ටාසන් කෙනෙකුගේ තත්ත්වයට පත්ව ඇති බවයි විජේසිරි මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...