රාසමානික්‍යම් මන්ත්‍රීතුමාගේ ආරක්ෂාව තහවුරු කරන්න – විපක්ෂ නායක සජිත්

රාසමානික්‍යම් මන්ත්‍රීවරයා අගමැතිවරයාව හමුවීමට ගිය අවස්ථාවේ දි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ඔහුට පහර දිමට උත්සාහ කර ඇති බවට ඔහු සිදු කරන චෝදනාව අතිශය බරපතල බවත් පක්ෂ විපක්ෂ ඕනෑම මතයක් දැරුවත් ශාරීරික හානියක් හෝ පහර දීමක් සිදු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ තමාට පා.ම. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පහර දීමට උත්සහ කළ බවට පා.ම. ශානක්‍ය රාසමානික්‍යම් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තුව අමතමිනි.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්නේ කතානායකවරයා ප්‍රමුඛ නිලධාරින් බැවින් ඔවුන්ගේ අවධානය මේ වෙත යොමු වී ඔහුගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...