වැට් බද්ද නොතිබ්බා නම් ඉන්ධන ලීටරයක් රුපියල් 55 කින් අඩු කරන්න තිබ්බා – කංචන

ඉන්ධන සඳහා වැට් බද්ද අය නොකළේ නම් ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 – 55 වැනි අගයකින් අඩු කිරීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට වැට් බද්ද එකතුවීම ඉන්ධන මිල කෙරෙහි අවාසිසහගත ලෙස බලපෑ බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම වත්මන් තත්වය අනුව බොරතෙල් ආනයනය කර, පිරිපහදු කර ඔටෝ ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් නිපදවා විකිණීමේදී ද වැට් බද්ද එකතු කිරීම නිසා දැන් පවතින මිල ගණන් අනුව එයින් අලාභයක් සිදුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...