ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෑම වසරකම මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස පිළිගෙන ඇත.

ලොව පුරා බොහෝ රටවල සහ සංවිධාන කාන්තාවන්ගේ භූමිකාව සහ අයිතිවාසිකම් සැමරීමේ අවස්ථා වක් ලෙස අද දිනය යොදා ගනියි.

ඓතිහාසිකව, කාන්තාවන් සහ ගැහැණු ළමයින් පිරිමින්ට සහ පිරිමි ළමයින්ට සමාන ලෙස සලකනු නොලැබෙන අතර ලොව පුරා බොහෝ රටවල කාන්තාවන් තවමත් ඔවුන්ගේ ලිංගභේදය හේතුවෙන් වෙනස්කම්වලට මුහුණ දෙයි.

ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ වසර සියයකටත් පෙර, එනම් 1911 වසරේදීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1977 දී ජාත්‍යන්තර කාන්තා දිනය නිල වශයෙන් පිළිගත් අතර චීනය, රුසියාව සහ උගන්ඩාව ඇතුළු සමහර රටවල් ජාත්‍යන්තර කාන්තා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගනී.චීනයේ, රාජ්‍ය කවුන්සිලයේ උපදෙස් පරිදි මාර්තු 8 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩුවක් ලැබේ.

la Festa della Donna ලෙස හැඳින්වෙන ඉතාලියේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ, මිමෝසා මල් තිලිණ කිරීමෙනි. එම සම්ප්‍රදායේ මූලාරම්භය පැහැදිලි නැති වුව ද, දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේදී ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.

ඇමෙරිකාවේ, මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරන ජනාධිපති ප්‍රකාශයකින් අමෙරිකානු කාන්තාවන්ගේ ජයග්‍රහණ අගය කෙරේ.

මෙලෙස එක්සත් ජාතීන් ඇතුළු රටවල් ගණනාවක සෑම වසරකම විවිධ ජාත්‍යන්තර තේමාවක් පදනම් කර ගෙන කාන්තා දින සැමරුම් සිදුකරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...