දිවයින පුරා අධ්‍යාපන සමූපකාර සමිති නිලවරණය අද!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ (LNW):

අද (08) දින සීමා සහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියේ පළාත් මහා සභා නියෝජිතයන් තෝරාපත් කර ගැනිමේ නිලවරණය සාර්ථකව ආරම්භ කෙරුණ බව සඳහන් වේ.

දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තෝරාගත් ඡන්ද මධ්‍යස්ථාන 100කදී සීමා සහිත අධ්‍යාපන සේවානියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියේ ඉදිරි තෙවර්ෂය සඳහා පළාත් මහා සභා නියෝජිතයන් තෝරාපත් කර ගැනිමේ නිලවරණය මේ වන විට පැවැත්වෙන අතර, පෙරවරු අටට ඡන්දවිමසීම ආරම්භ කෙරුණු අතර පස්වරු 4.30ට එය අවසන් කෙරෙන බව වාර්තා වේ.

ඡන්ද හිමි සාමාජිකයින් එක්ලක්ෂ අනූහතර දහස් තුන් දෙනෙකුගේ ඡන්දයෙන් මහා සභා නියෝජිතයින් 384 දෙනෙකු පත්කර ගැනීම මෙහිදී සිදුකෙරෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...